දීර්ඝතම මැතිවරණයේ ජය කාටද?

0

දින 36 ක් පුරා අදියර 9ක් යටතේ පැවති ඉන්දීය මහා මැතිවරණය ඊයේ (12) නිමාවට පත්වුනා.අප්‍රේල් මස 7 වැනිදා ආරම්භ වු මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රථිපල නිකුත් කිරීම ලබන 16 වැනිදා පවත්වනු ඇති අතර , මැයි 31 වැනිදා නව රජයක් පිහිටුවීමට නියමිත ය.

ඉන්දීය ව්‍යවස්ථාවට අනූව සම වසර 5කට වරක්ම මහ මැතිවරණයක් පැවැත්වෙයි. මැතිවරණය පවත්වෙනේ ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලෝක් සභාවේ ආසන පන්සීය හතලිස් තුන සඳහා ය.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස සලකන් ඉන්දියාවේ පැවත් වුණු මෙම 16 වැනි ලෝක් සභා මැතිවරණ වාර්තා අතරට ද එක් වී ඇත. ඒ , රටක පැවත් වුණු දීර්ඝතම මැතිවරණය ලෙසටයි.

කෝටි 80 කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ බව මැතිවරණ කොමිසම පෙන්වා දෙයි. ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල ට සීමා වූ සුළු දේශපාලන පක්ෂ ද ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙක වන පාලක කොන්ග්‍රස් පක්ෂයත් විපක්ෂයේ භාරතීය නිදහස් පක්ෂයත් මැතිවරණයට ඉදිරිපත් වුණු අතර භාරතීය නිදහස් පක්ෂය ජයග්‍රහණය කරනු ඇති බවටත් එහි අගමැති අපේක්ෂක නරේන්ද්‍ර මෝඩි අගමැති ධුරයට පත් වනු ඇති බවත් විශ්වාස කෙරේ.

ප්‍රධාන සටන පවතින්නේ ද පාලක කොන්ග්‍රස් පක්ෂය සහ භාරතීය ජනතා පක්ෂය අතරේය. කොන්ග්‍රස් පක්ෂය මැතිවරණයට ඉදිරිපත් වූයේ එහි මහ ලේඛම් රාහුල් ගාන්ධිගේ මඟ පෙන්වීම යටතේ ය. යම් හෙයකින් කොන්ග්‍රස් පක්ෂය ජයග්‍රහණය කළහොත් අගමැති අපේක්ෂකයා ලෙස එම පක්ෂය රාහුල් ඉදිරිපත් කිරීමට නියමිත බවද ඉන්දිය මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.