MH370 ගුවන්යානයට අමෙරිකා වෙඩි ප්‍රහරයක්!

0

මගීන් 227 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 12 දෙනෙකු රැගෙන මැලේසියාවේ ක්වාලාම්පුර් සිට චීනයේ බිජිං නුවර බලා පියාසර කරමින් තිබියදී අතුරුදහන් වූ (MH370)ගුවන්යානයට වැරදීමකින් වෙඩි වැදී ඇති බව පසුගිය දිනවලදී ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කලා.

එම වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානය සම්බන්ධයෙන් ලියවී ඇති ග්‍රන්ථයක මේ පිළිබද සඳහන්ව තිබෙන බවයි.

එම ග්‍රන්ථයේ සඳහන් වන්නේ එක්සත් ජනපදය හා තායිලන්තය අතර පැවති ඒකාබද්ධ යුද අභ්‍යාසයකදී යානයට අත්වැරදීමකින් වෙඩි වැදී ඇති බවත් ලෝකයෙන් එය වසන් කිරීමට බලධාරීන් එය වෙනත් දිශාවකට යොමු කළ බවත් ය. කෙසේ වුවද එම ග්‍රන්ථයේ කතුවරයා සඳහන් කරන්නේ යානයට සත්‍ය වශයෙන්ම සිදු වූයේ කුමද්ද යන්න තවමත් අභිරහසක් බවයි.

යානයට සැලකිය හැකි දේ සම්බන්ධ කරුණු මෙම ග්‍රන්ථයේ විස්තර කර තිබෙන බව ඩේලිමේල් වෙබ් අඩවිය වාර්තා කර තිබු අතර යානයට අත්වැරදීමකින් වෙඩි වැදුනයි කියන සිද්ධිය සම්බන්ධයෙන් එම ග්‍රන්ථයේ වැඩිදුරටත් සදහන් වෙන්නේ රටවල් කීපයක හමුදා සාමාජිකයින් හා ගුවන් හමුදා පුහුණු සැසියකදී මැලෙසියානු ගුවන් යානයට වෙඩි වැදුණු බවත් එය වසන් කිරීමට ගුවන් යානය සෙවීමට ගිය කණ්ඩායම් වෙනත් දිසාවකට යොමු කළ බවත් ය.

එහි තවදුරටත් සඳහන් වෙන්නේ ගුවන් යානය නැති වූවායයි ආරංචි වූ අවස්ථාවේම ඒ ආසන්න දකුණු චීන මුහුදේ තෙල් අට්ටාලයක සිටි පුද්ගලයෙකු යුද අභ්‍යාසයක් හා ඒ අවස්ථාවේ ගුවන් යානයක් ගිනිගෙන කඩා වැටෙනු දුටු බවය. ග්‍රන්ථයේ කතුවරයා සඳහන් කර ඇත්තේ මෙම අවස්ථාව එකම අවස්ථාවක සිදුවීම සැකසහිත බවයි. ග්‍රන්ථයේ කතුවරයා සඳහන් කරන්නේ යුද අභ්‍යාසයේ යෙදී සිටි රටවල් යානය සෙවීමේ කටයුතු නිරත වූවන් සිද්ධිය පිලිබඳ දැන ගැනීම වැලක්වීමට වෙනත් දිසාවකට යොමු කළ බවය.

ග්‍රන්තයේ සඳහන් එම කරුණ ගැන යානයේ සිටි මගීන් ඥාතීන්දැනුවත් කර ඇති අතර ඔවුන් ඒ සම්බන්ධයෙන් කෝපයට පත්ව ඇතැයි ද ඩේලිමේල් වෙබ් අඩවිය සඳහන් කර තිබිණි.මෙම ග්‍රන්ථය ඉදිරියේදී එළිදැක්වීමට නියමිත බව ද වාර්තා වේ . මැලේසියානු ගුවන් යානය අතුරු දහන් වී අද (20) වන විට දින 73ක් ගෙවී ගොස් ඇති අතර මේ වන තෙක් යානය පිලිබඳ කිසිඳු හෝඩුවාවක් සොයා ගැනීමට මැලේසියානු ගුවන් සමාගමට හෝ යානය සෙවීම් කටයුතුවල නිරත් වී සිටින කිසිදු කණ්ඩායමකට හැකියාවක් ලැබී නැත.