ඒ කරුණාවේ මහිමයයි

0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ආරාධනා කර තිබේ. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිතුමාගේ විශේෂ දූතයකු වශයෙන් පසුගිය 20 වනදා ශ්‍රද්ධෝත්තම පාප් වහන්සේට එම ආරාධනය දැනුම් දී තිබේ.

එම අවස්ථාවේදී මෙරට ආරක්ෂක ලේකම්වරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ශුද්ධෝත්තම පාප් වහන්සේව දැනුවත් කළා. විවිධ ආගම් අදහන විවිධ සංස්කෘතීන්ගෙන්, විවිධ ජන කොටස්වලින් හෙබි රටක් බවද පෙන්වා දුන්නා. මෙරට වසරක 30 ක් පුරා යුද්ධය පැවතීම හේතුවෙන් ශ්‍රී ලාංකික ජනයා එයින් දුක්පීඩා විඳි වර්තමානයේ සංවර්ධනයේ සහ ප්‍රතිසංධානයේ නව යුගයක් ආරම්භ කර ඇති අතර ඊට අන්තර්ජාතික ප්‍රජාවගේ දිරිගැන්වීම සහ සහාය අපේක්ෂා කරන බවද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළා. එමෙන්ම වතිකානුව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ සහ තහවුරු කිරීමට ක්‍රියාමාර්ග ශ්‍රී ලංකාව සොයන බවද ලේකම්වරයා පවසා තිබේ.

ඔබට මතක ඇති මීට පෙර අවස්ථාවක පාප් වහන්සේ විසින් යම් රෝගී තත්ත්වයක් මත මුළු ශරීරය පුරා වායු ගෙඩි දැමූ පුද්ගලයෙක්ව වැළඳගෙන සිපගත් ආකාරය ඒ ගැන මුළු ලෝකෙම අවධානය යොමු වුනා. එවන් පුවතක්ම නැවතත් පසුගිය දවසක වාර්තා වුනා. ඔබට රෝමානු කතෝලික ආගම පිළිබඳව හෝ එහි නායකයන් ගැනවත් ප්‍රචාරයක් කිරීමක් මා කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ මගේ අරමුණ වන්නේ මේ පිළිබඳව වාර්තා කරලා ඔබට හිතන්නට යමක් ඉතිරි කිරීමක් පමණයි.

සාන්ත පීතර භූමියේදී විවිධ ජාතීන්, විවිධ භාෂා කතා කරන පුද්ගලයන්, රෝගීන් නොයෙකුත් මාදිලියේ පිරිස් එක්රැස්වුනේ ශුද්ධවූ සභාව භාර පාප් වහන්සේ බැහැ දැකීමටයි. එම අවස්ථාවේදී පාප් වහන්සේගේ නෙත ගැටුනේ මුහුණ විරෑපි වූ පුද්ගලයෙක්වයි. එම තත්ත්වය ඒ පුද්ගලයාට හිමි වූයේ කුමන තත්ත්වයක් මත බව නම් කව්රුවත් දන්නේ නෑ. හොඳටම මුහුණ විකෘති වෙලයි තිබ්බේ පාප්වහන්සේගේ දයාව ආදරය පෙන්වමින් එම පුද්ගලයා වැළඳගත්තේ දෙනෝදහක් ඉදිරියේමයි.

පාප්වහන්සේ සිය තනතුර භාරගෙන මාස 9ක වැනි කාලයක් පමණක් ගෙවුනත් පාප්වහන්සේගේ ක්‍රියාවන් මුළු මහත් කතෝලික සභාවේ මෙන්ම අනෙක් පුද්ගලයන්ගේ අවධානය විශ්වාසය ආදරය ඔහුට හිමි වී අවසන්ය. විදෙස් වාර්තා සඳහන් කරලා තියෙන්නේ උන්වහන්සේ පෞද්ගලික දුරකථන ඇමතුම් දෙමින් දුකින් පීඩා විඳන දුක නිසා සිත කැළඹුනු පුද්ගලයන්ගේ සිත් සනසමින් කථා කරමින් සාන්ත පීතර භූමියට පැමිණෙන ලෙස ආරාධනා කරනවා. ඒ විතරක් නෙමෙයි විවිධ අපරාධ කළ තරුණයන්ටද එම භූමියට පැමිණීමෙන් පසු ඔවුන්ගේ පාද සේදීම සිදුකරනවා ඒ ඔවුන්ගේ වැරදි ගැන පසුතැවීමට ලක් කර ඔවුන් යහමඟ ගැනීමටයි. එම සිදුවීම මතක් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ මරණයට පත් වීමට පෙරද මේ ආකාරයෙන් තම ගෝලයන්ගේ පාද සේදීම සිදු කළා.

කෙසේවෙතත් ඔබට මතක ඇති වායුගෙඩි ශරීරය පුරා පැතිරුණු පුද්ගලයා. ඔහු රිවා. විදෙස් මාධ්‍ය ඔහුත් සමඟ කළ සාකච්ඡාවකදී කියා සිටියේ , පාප්තුමාගේ ස්පර්ශය ඔහුට දැනුනේ දිව්‍ය ලෝකේ සුව බවයි. පාප්තුමන් මම මේ පුද්ගලයාව වැළඳගන්නවාද යන්න පිළිබඳ දෙපාරක් නොසිතූ බවයි. “මගේ මේ රෝගය ස්පර්ෂයෙන් වැළදෙනවා ඒත් පාප්තුමා ඒ ගැන තැකීමක් කරේ නෑ. නමුත් ඔහු ඒක කළා. මගේ මුළු මුහුණම සිඹ ගත්තා. මට වෙන කිසි දෙයක් දැනුනේ නෑ. මට ආදරයක් පමණයි දැනුනේ. ඔහු එකපාරටම අල්තාරයෙන් බැහැලා වචනයක් වත් නොදඩා මාව වැළඳගත්තා. මට දැනුනේ මගේ හදවත මගේ ශරීරයෙන් ඉවත්වෙනවා වගේ”

ඔබටත් මෙම සිදුවීම දැනෙනවාද? පොඩි සිදුවීමක් නිසා, පීඩා විඳින මේ රෝගියාගේ හදවතට දැනිච්ච දේ ඔබේ හදටත් දැනෙනවාද? ඔවුන් සමාජයක් ඉදිරියේ කෙතරම් පීඩා විඳිනවා ඇත්ද කොන්වීම ප්‍රතික්ෂේප වීම තුළින් කොතරම් අසරණ කමක්… එහෙත් සියළු දේ මැදින් ජීවත් වීම නැමති අභියෝගයෙන් ජයගන්න ඔවුන් උත්සහය යෙදෙන ආකාරය. මරණය ලඟා කර ගැනීම පහසුයි. නමුත් ජීවත් වීම කෙතරම් අසීරුද? මම ඔබගෙන් ඉල්ලන්නේ ඔබ යන එන මඟත් ඕන තරම් මෙවැනි පිරිස් හමුවෙනවා.

මනුෂ්‍යයන් ලෙස අපිට අප්‍රියතාවය දැනෙනවා නමුත් ඔවුන් වැළඳගන්නට අවශ්‍ය නෑ. අඩුම තරමේ ප්‍රතික්ෂේප නොකොට හිනාවකින් හෝ ඔවුන්ට සංග්‍රහ කොට ජීවත්වීමට පුංචිම පුංචි බලාපොරොත්තුවක් දෙන්න. ඔවුන්ට දැනෙන්ට හරින්න මම ඔබට කැමතියි. මා ඔබව ප්‍රතික්ෂේප කරන්නේ නෑ කියලා. ජීවත් වන සියළුම දෙනාට ආදරය, අවධානය, ආරක්ෂාව අවශ්‍යයි තිරිසනුන්ට වුනත් අප සළකන්නේ අන්න ඒ නිසයි. මොකද අපි අද ජීවත් වෙලා හෙට මැරෙණ මිනිස්සුනුයි. එය අමතක කරන්න එපා.

අන්තර්ජාලය ඇසුරින් සටහන – පවිත්‍රා සදමාලී

POP_AR (2) POP_AR (3) POP_AR (1)