ආන්ද්‍රා ප්‍රාන්තය දෙකඩ වේ -තෙලන්ගානා බිහිවේ

0

ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තය දෙකඩ වී තෙලන්ගානා ප්‍රාන්තය බිහි වීම ඊයේ (2) නිල වශයෙන් සිදුවුනා. ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය ලෙස බිහි වුණු තෙලන්ගානාවේ ජනග්‍රහණය මිලියන 35 කි . එය ද දිස්ත්‍රික් 10 කට වෙන් වී ඇති අතර තෙලන්ගනාවේ පළමු මහ ඇමතිවරයා කේ . චන්ද්‍රසේකර් රාඕ ඊයේ දිව්රුම් දුන්නේ ය.ආසන 119කි යුත් තෙලන්ගානා ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ ආසන 62 කබලය ඇත්තේ රාෂ්ට්‍ර ස්මයිති පක්ෂයට ය . චන්ද්‍රසේකර් රාඕ ගේ පුත් සහ බෑනා ද ප්‍රාන්ත ආණ්ඩුවේ ඇමති ධූර හොබවයි .

අන්ද්‍රා ප්‍රාන්තය දෙකඩ කර , තෙලන්ගානා ප්‍රාන්තය බිහි කිරීම සමබන්ධයෙන් පසු ගිය වසර කිහිපය පුරා වාද විවාද පැවැත්විණි. ඒ වෙනුවෙන් ජනමත විමසුමක් පවා පැවැත්විණි . අවස්සනයේ තීරණය වූයේ තෙලන්ගානා නමින් නව ප්‍රාන්තයක් බිහි කර යුතු බව ය .ඉන්දීය ජනාධිපති ප්‍රනාබ් මුඛර්ජීගේ එන පරිදි ඊට නිල වශයෙන් අනුමැතිය ලැබිණි .
දේශසීම ආරවුල් විසඳා තෙලන්ගානා ප්‍රාන්තය නිල වශයෙන් වෙන් කිරීමක් , ප්‍රාන්තයේ නව රජය දිව්රුම් දී වැඩ භාර ගැනීමත් ඊයේ සිදු විය.

තෙලන්ගාන ප්‍රාන්තයේත් ආන්ද්‍රානා ප්‍රාන්තයේත් අගනුවර වනු ඇත්තේ හයිද්‍රාබාද් නුවර ය . එය වසර 10 ක කාලයක් වෙනස් නොවී පවතිනු ඇති බවත් පසුව තෙලන්ගානා ප්‍රාන්තයට වෙනම අග නුවරක් තෝරා ගනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

චන්ද්‍රසේකර් රාඕ දිව්රුම් දෙද්දී අගමැති මෝඩි ට්විටර් පණිවිඩයක් හරහා ඔහුට සුබ පතමින් “ ඉන්දියාවේ 29 වෙනි ප්‍රාන්තය ලෙස තෙලන්ගනාව අපි සාදරයෙන් පිළි ගන්නවා නව මහ ඇමතිවරයාටද මාගේ හෘදයාංගම සුබ පැතුම් එක් කරනවා ” යැයි මෝඩි පවසා තිබේ.

1254