කරච්චි ගුවන්තොටුපළට වෙඩි වරුසාවක් 21 මරුට

0

පකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපළට නාඳුනන තුවක්කුකරුවන් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මගින් 11 දෙනකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ. Ap පුවත් සේවය සදහන් කලේ මෙම වෙඩි හුවමාරුව පැය 05කට ආසන්න කාලයක් පැවති බවයි. පාකිස්ථාන හමුදා ප්‍රහාරයෙන් නාඳුනන තුවක්කුකරුවන් 10 දෙනෙකුද මරණයට පත්ව තිබේ.ඊයේ රාත්‍රි 11.30ට පමණ මෙම වෙඩි හුවමාරුව ආරම්භ වී ඇති අතර අද අලුයම වන විට සම්පුර්ණයෙන් ගුවන් තොටූපලේ පාලනය හමුදාව අතට ගෙන තිබේ.

රොකට් ලොන්චර්ස් සහ මැෂින් තුවක්කු උපයෝගි කරගෙනආයුධ සන්නද්ධ පිරිසක් විසින් පකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපළට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කලේ.

කෙසේ වෙතත් තලේබාන් සංවිධානය මෙන්ම පකිස්ථානයේ වෙනත් සන්නද්ධ සංවිධාන සමග සාම සාකච්ඡා ආරම්භ කිරීමට පකිස්ථාන රජය විසින් සූදානම් වෙමින් සිටින අවස්ථාවකදී මෙම ප්‍රහාරයන් එල්ලවී ඇති බවද වාර්තා වේ.

එසේම නිරිත දිග පකිස්ථානයේ තවත් තැනක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන් වන්දනා ගමනක නිරතවූ 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.