ඉරානයෙන් ශ්‍රි ලංකාවට තෙල් නෑ

0

මාධ්‍ය වාර්තා සදහන් කරන ආකාරයට ඉරානය ශ්‍රි ලංකාවට තෙල් ලබා දෙන බව සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඉරාන තෙල් සමාගම පවසයි.

එම සමාගමේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ප්‍රධානී මොවුසේන් කම්සාරි විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සදහන් කර තිබේ.

අමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක හේතුවෙන් ඉරානයෙන් වෙනත් රටවලට තෙල් ලබාදීම මේ වන විටත් නවතා දමා ඇති බව පෙන්වා දෙන ඔහු ශ්‍රි ලංකාවට අමතරව ග්‍රීසියට සහ දකුණු අප්‍රිකාවට තෙල් ලබාදෙන බවට පළවන වාර්තා ද අසත්‍යය බව සදහන් කරයි.