එලොවයි දෙලොවයි රත් කරන පාලකයිනි මෙලොවට එනු!

0

ගාල්ල බුස්ස ආර්ථික මාධ්‍යස්ථානය සකස් කිරීමට රුපියල් ලක්ෂ දහසකට ආසන මුදලක් වැය කර ඇත. එය දැන් මකර කටේය. ජාතික ධනය මේ ආකාරයට විනාශ වන තෙක් වගකිව යුතු අංශ බලා සිටිති.මෙම ආර්ථික මධ්‍යස්ථානය ස්ථාපිත කරනු ලැබුවේ දැවැන්ත සත් කටයුත්තකටය. ඒ අවට ප‍්‍රදේශවල දී නිපදවෙන ආර්ථික භාණ්ඩ කෘෂි ධීවර හා වෙනත් නිෂ්පාදන ගෙනත් තොග හා සිල්ලරට අළෙවි කළ හැකි දඹුල්ල නැනි නොනිදන ආර්ථික මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යෑම මෙහි අරමුණ වුහ.

නමුත්, අද මෙහි අයාලයේ ගැවසෙන සුනඛයෝය.මේ නිසා ගමේ මහ මග ගමන් කරන්නට නොහැකිව තිබේ. මෙය ගමනට ප‍්‍රදේශයටම අනුතුරක් බැව්, ප‍්‍රදේශ වාසිහු පවසති.

තොරන බැඳ,රබන් ගසා ශබ්ද වාහිනි ගස් බැඳ එලොව මොලොව දෙවනත් කරමින් පාලකයෝ මහා කතා කියමින් ශබ්ද දමා මුල් ගල තබා ගොඩනැගිල්ල ඉදිකර අතර මග නවතා දමා තිබේ.මෙය ප‍්‍රදේශ වාසිනට හා ගම්වාසිනට මහත් හිරිහැරයකි. කරදරයකි.

නමුත් ,මෙම ආර්ථික මධ්‍යස්ථානය අතර මග ඉදිකිරීම් නතර කර ඇත. මෙය අද මහා අපායකි. අමු සොහොනකි. සල්ලාලයනට තෝතැන්නකි. අයාලයේ යන ගවයන්ට සුනඛයන්ට පිස්සන්ට මහා ලැගුම් හළකි.

දැවැන්ත වියදමක් සිදු කර ඇති මෙම ගොඩනැගිලි හා නවතා දමා ඇති ගොඩනැගිලි විනාශ වෙමින් පවතින්නේ ඒ සඳහා කිසිම උරුමක් කාරයෙක් නැති නිසාය. ජාතික ධනය විනාශ වන බව දැක දැකත් වගකිව යුතු ඇත්තෝ මේ අසලින් ගමන් කරනුයේ ඒ පිළිබඳව නොදන්නා ළදරුවන් මෙන්ය.

රාත‍්‍රීයට යුවතියකට මේ අසළින් ගමන් කරන්නට බැරිය.තරුණියකට තියා තරුණයෙකුටවත් ආච්චී අම්මා කෙනෙකුටවත් යා නොහැක්කේ කුඩු කාරයන් සල්ලාලයන්ගේ තෝතැන්නක් වු නිසාය.

ඒ නිසා ජනතාව පෙන්වා දෙන්නේ මෙම ආර්ථික මධ්‍යස්ථානය සකස් කර ජනතා සේවය හා ප‍්‍රයෝජනය සඳහා යොදවන හැටියටය.මෙම ගොඩනැගිල්ල නඩත්තු කිරීමට හෝ එහි යම් ආර්ථික වටිනා කමක් ඇති දෙයක් සඳහා යොදවා ගැනීම කළ යුතුය. ජාතිය සවිය ගම නැගුම හෝ සමෘද්ධිය නිපැයුම් මෙම ස්ථානයේ සකස් කර විකිණීමට හෝ සැලසුමක් සකසන්නේ නම් ඉතාම ගුණදායකය.

ගාල්ලේ අර මධ්‍යස්ථාන මේ මධ්‍යස්ථාන ඉදිකරන බවට දේශපාලකයන් කියති. නමුත් ,මෙම ගොඩනැගිලි ඒ කිසිවක් සඳහා යොදවා ගන්නේ නැතුව මහා විනාශයක් වෙන්නට ඉඩ හැරි ඇත්තේ වැඩ බැරි උනත් ගම ගාල්ලේය, යන්න පසක් කරමිනි.

නොවසේ නම්, මෙම ස්ථානයේ අයාලයේ යන ගවයන් සඳහා ගව ගාලක් සකස් කල හැකිය. එය අවට ජනතාවට සහනයකි. වගා බිම් වන සන ගවයන්ටද ස්ථිර වාසස්ථානයකි.ස්ථානයකි. උන්ගේ කිරි හා ගොම ප‍්‍රයෝජනයට ගත හැකිය. එය දිවි නැගුමට පොහොර සපයා දෙති. කැමැති අයට ගවමස්ද පහසුවෙන් ගත හැකිය.

එළු, කුකුළු වගාවටද අගනා වු ස්ථානයකි . නොවසේ නම්, වෙනත් ආර්ථික, සමාජ,සංස්කෘතික දෙයකට යොවා ලීමට හැකි නම්, එයද අගය කළ හැකිය.

මෙම ගොඩනැගිල් සමුහය සංචාරක හෝටලයක් වශයෙන්ද යොදව ගත හැකිය. ඒ කිසිවක් නොකර මෙම මහා ගොඩනැගිල සමුහය මහා යෝධයන් මෙන් අතහර දමා ඇත්තේ ජනතාවටම විනයක් වන පරිද්දෙන්ය.මෙහි උපකරණ ලී දඬු හා සෙවිලි තහඬු ඉතාම මිල අධිකය. ඒවා හිටිහැටියේ හොරු රැගෙන යති. නොවසේ නම්,මේ ගොඩනැගිලි සමුහයම බිමට සමතලා කොට හිස් භූමියක් වශයෙන් සකස් කළ හොත් මෙම ස්ථානයේ සිදුවන අපරාධ හා අපචාරද අඩුවනු ඇත.

බුස්ස,රත්ගම, කූඩුවේ හන්දිය, හා අවට සුනාමි ගම්මාන රැසක් මේ ගම්මානවල තරුණයන්ට දරුවනට ක‍්‍රිඩා කිරීමට ස්තාන නොමැති තරම්ය. ඒ නිසා දරුවන් අඩුම තරමින් පොල් පිති ක‍්‍රිකට් හරි ගසන්නට තැනක් නැතිව ලත වෙද් දී මේ මහාගොඩ නැගිලි සමුහය සකස් කර ආර්ථික වශයෙන් මහා විශාල වටිනාකමක් ඇති ඉඩමක් අතහර දමා තිබේ.මෙම මහා විනාශය වහා වලක්වන්නට බලධරයනගේ අවධානය සුදානම යොමු වේවා කියා ගාල්ල නගර වාසිහු පවසති.

නිමල් අල්ගෙවත්ත