රටේ අසිරිය සුද්දට යන හැටි

0

“සේපාලිකා වීර කෝන් මිල්ල තේ කිරිදි වැල ගස් පහයි වැල් එකයි”.කියන කතාන්දරය අප සැවොම දනිමු. ඒ යුවතියක් හදිසියේ තම අදරණිය සෙනෙහි වන්තයාට ලිපිනය පැවසු ආකාරයයි. ඒ මේ වන විට මුහුණු පොත,එස්.එම් එස්,ඊමේල් හෝ ස්කයිප් නොතිබු යුගයක දීය.

නමුත් අද මේ ආකාරයට නොව අමුතුම ආකාරයේ වෙළදාමක් පිළිබදව සමාජයේ අසන්නට දැකින්ට හැකිය.

වී. ඕ.සී සලකුන සහිත කතාන්දරයක් පිළිබඳ පසුගිය කාලයේ රට පුරා මහත් ආන්දෝලනයක් ඇති වුහ. මෙයට ම දෙවැනි ආකාරයේ වල්ලා පට්ට කතාන්දරයක්ද දැන් සමාජයේ දැකිය හැකිය.

මෙනව විට කරලියට පැමිණ ඇත්තේ ගෝනුස්සාගේ කතාන්දරයකි. ග්‍රෑම්ස් පනහේ නිල් පැහැ ගෝනුස්සකු රුපියල් දස දහසකට අධික මිලකට ගන්නා බව මේ වන විට ගම් නගර වල රට පුරා පැතිරෙමින් පවතින කතාන්දරයකි.ගෝනුස්සන් සොයා කුණු ගොඩවල් අවුස්න පිරිස මේවන විට දැකිය හැකිය.

කුණු අවුස්න වැඩි පිරිසක් සිටින රටක මෙය ද අගනා වු කටයුත්තකි.එය එක් අතකට සමාජ,පරිසර හා සෞඛ්‍ය ප්‍රශ්ණයකට විසදුමක් විය හැකිය. ඩෙංගුවාට වැට බදින්ට මෙය රුකුලක් වනු ඇත.

අප දන්නා පරිදි හුනන් පිළිබඳව ද කාන්දරයක් පසුගිය කාලයේ දැකිය හැකි වු අර අහිංසක හුනන් අල්ලාගෙන අලවිකරන්ට ගිය අවස්ථා රැසක් දැකිය හැකි වුහ. සුදු කැස් බෑවාගේ ද කතාන්දරය සුන්දර ආකාරයට රටේ මහත් ආන්දෝලනයක් හට ගත්හ.

මීට අමතරව මේ වන විට, සුදු,කහ,රතු අරලිය අරටුව සහිත ලී රුපියල් පනස් දහසකට ගන්නා තැරැව් කරුවෝ ගමේ නගරයේ බෝකර්ලා වැහි වැහිලාය. සිංහල හා මුස්ලිම් බෝකර්ලා මේ වනවිට අරලිය අරුටුව සහිත දඩු මිල නියම කර ඇත්තේ ද මේ බෝකර්ලාය.

රතු කෝමාරිකා නම් වු ශාකයක් ද රුපියල් ලක්ෂයක මුදලකට මිල දි ගන්නා බව කියමින් ගම්වල නගර වල පැල තවාන් වල කරක් ගසන පිරිසක් මේ වන විට දැකිය හැකිය. මෙය මිල දී ගන්නා බැව් කියන පිරිස ද ඇති බව බෝකර්ලා කියති. මෙම අමුතුව සමාජමය මිල ගන්න ඇතිකර ඇති භාණ්ඩ ගන්නා බවට රැල්ලක් මේවන විට දකුණු පළාතේ දැකිය හැකිය.

පිටකොටුවේ ව්‍යාපාරිකයෙක් මෙම වෙළදාම සිදුකරන බවට පවසමින් මෙම ශාඛ හා සත්වයෝ අළෙවියට කටයතු කරන සෙයක් ගැන ගම් නගර වල බෝකර්ලා පවසති.

මේ අතර ලංකාවේ කොළ හා මල් අළෙවිය යටතේ මේ ජාවාරම සිදු කරන බව සමහරු කියති. මේ වන විට නිවෙස් වල හා කැලෑවල මහා පරිමාණයෙන් කැලෑ කොල කපා පිට රටවලට අලෙවි කරන ව්‍යාපාරයක් කොළඹ ආශ්‍රිතව සිදු කරන ආකාරයද දැකිය හැකිය.

අප දන්නා පරදි ගෙවතුවල නිවෙස් වල අලංකාරයට සිටවන ගස්වැල් වල කොළ මේ ආකාරයට වෙළෙන්දන් මාර්ගයෙන් මිල දි ගණිති. එක් කොලයකට රුපියල් දෙකේ සිට ඉහළට මිල ගණන් නියම වේ.

මේ කොළ කඩතොලූ නොවු ඒවා අමු අමුවේම රැගෙන වාහන මෙන්ම ත්‍රිරෝද රථ වලින්ද කොළඹට ගෙන ගොස් මල් හා කොල එක්ව සකස් කළ කලඹ සකස් කර ගුවන් මගින් විදෙස් රට වලට යැවෙන ක්‍රමයක්ද මේ වන විට දැකිය හැකිය.

මේ සියල්ම, රටට ආර්ථිකයට පන්නරයක් ශක්තියක් වන්නේ නම්, ප්‍රශ්ණයක් නොවේ. නමුත් මෙහි අයිතිය හෝ මෙම ශාක පත්‍ර හරහා අපගේ සතුන් පැල කොල සඳහා සුද්දනගේ අයිතියට මෙය නතුවේද එය රට හමුවේ බරපතල කතාන්දරයකි. නොවසේ නම්, අපේ සම්පත්වලට අපේ දරුවන්ට සුද්දෝ අයිතිය කියන්නට යනවා නම් ඒ ගැන දෙවරක් සිතිය යුතුව තිබේ. නැත හොත් අපේ දරුවන්ට උප්පැන්න සහතික දෙන්නට යම් සංවිධාන්මක පිරිසක් සුද්දන් මාර්ගයෙන් අපිව අන්දනවා ද යන්න සොයා බැලිය යුතුව තිබේ.

මේ සියල්ලගේම අවසානයේ සමාජයේ යම් කතිකාවක් ආන්දෝලනයක් සිදු කර අපේ සතුන් හා ශාඛ සංහාරයකි. මේ නිසා බුද්මත්ව මේ ආතභූත කතාන්දර පසු පස නොගොස් දෑස් දල්වා කටයුතු කරන්නේ නම් කිසිවෙකු ට අපව අන්දවන්නට නොහැකි වනු ඇත.

(සටහන -නිමල් අල්ගෙවත්ත )

1_lankanewsalert_04_09_2014