අල්ට‍්‍රාටෙක් සිමෙන්ති සමාගම සාර්ථකත්වයට උරදුන් පාර්ශවකරුවන් ඇගයේ

0

සිය සාර්ථකත්වය උරදුන් හවුල්කරුවන්ට විදෙස් සංචාර සම`ගින් කෘතගුණ සැලකීමට අල්ට‍්‍රාටෙක් සිමෙන්ති සමාගම පියවර ගනී. බෙදාහැරීම් නියෝජිතයින්, අලෙවි නියෝජිතයින්, ප‍්‍රමුඛ පෙළ පාරිභෝගිකයින් සහ උපදේශකයින් ඇතුළත් තෝරාගත් කණ්ඩායම් 3ක් ස`දහා මෙලෙස ඩුබායි, චීනය හා මැලේසියාව යන රටවල විදෙස් සංචාර පිරිනැමීමට ශී‍්‍ර ලංකාවේ අල්ට‍්‍රාටෙක් සිමෙන්ති සමාගම කටයුතුකරන ලදී.

එම කණ්ඩායම් සාමාජිකයින්ගේ පවුල්වල සාමාජිකයින්ට ද ඊට එක්වීමේ අවස්ථාව උදාකරදීමේ අරමුණින් පාසල් නිවාඩු සමය තුළ විදෙස් සංචාර සංවිධානය කර තිබූ අතර බීජිං, ෂැන්හයි, ක්වලලාම්පූර්, ජෙන්ටින් හයිලන්ඞ්ස් සහ ඩුබායි හි සුන්දර ස්ථාන නැරඹීමට එහිදී ඔවුන්ට පහසුකම් සලසා දී තිබින. ‘‘ඉහළම සත්කාර සම`ගින් හො`දින් විනෝද වීමේ අවස්ථාව අපට මෙම සංචාර ම`ගින් හිමි වුනා. සංග‍්‍රහයන් හා නැවතීම් පහසුකම් ඇතුළු සියලූ දේ ඉතා විශිෂ්ට අන්දමින් සැලසුම්කර තිබූ අතර ජෙන්ටින් හයිලන්ඞ්ස් හා පුට‍්‍රාජයා හි සුවිශේෂි ස්ථාන රැසක් දැකබලා ගැනීමේ අවස්ථාව ලැබුනා. එහිදී චොකලට් කර්මාන්තශාලාව වෙත අපව රැගෙන ගිය චාරිකාව කිසිදිනෙක අමතක නොවන මතකයක් එක් කිරීමට සමත් වුනා. මෙම සංචාරයේ දී සංවිධාකයින් අපගේ සුවපහසුව සැලසීම ස`දහා කැපවූ අයුරු ඉතා විශිෂ්ටයි.’’ යනුවෙන් සංචාරයට එක්වූ වසර දෙකහමාරකට වැඩි කාලයක සිට ප`ඩුවස්නුවර අලෙවි නියෝජිතයකු ලෙසින් කටයුතු කරන මොහොමඞ් ඉක්රාම් මහතා ස`දහන් කළේය.

පේරාදෙණිය ප‍්‍රදේශයෙන් සංචාරයක එක් වූ අලෙවි නියෝජිත රණවීර මහතා මෙම සංචාරය පිළිබ`ද අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ සිය පවුලේ සාමාජිකයින් සම`ග ඩුබායි හි සුන්දර ස්ථාන නරඹමින් විනෝදවීමේ අවස්ථාව උදකර දීම පිළිබ`ද අල්ට‍්‍රාටෙක් සිමෙන්ති සමාගම වෙත කෘතඥතාවය පිරිනමන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ‘‘අල්ට‍්‍රාටෙක් සිමෙන්ති අලෙවි නියෝජිතයකු ලෙසින් මා වසර 5කට වැඩිකාලයක් කටයුතු කරමින් සිටින අතර උසස් තත්ත්වයෙන් යුත් නිෂ්පාදන බෙදාහැරීමට ඒ තුළින් අවස්ථාව හිමිවීම පිළිබ`දව මා බෙහෙවින් තෘප්තියට පත් වනවා.’’ යනුවෙනි.

මෙම සංචාරය හරහා සමාගමේ කළමණාකාරිත්වයට දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිය හවුල්කරුවන් මුණ ගැසී අදහස් හුවමාරුකර ගනිමින් සුහදතාවය වර්ධනයකර ගැනීමේ අවස්ථාව ද උදා විය. එහිදී නිෂ්පාදන හා සේවා තවදුරටත් ඉහළ නැංවීම පිළිබ`ද එම හවුල්කරුවන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමට ද හැකියාව ලැබින. ශී‍්‍ර ලංකාවේ අල්ට‍්‍රාටෙක් සිමෙන්ති සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කිරන් රෙඞ්කාර් මහතා සංචාරය පිළිබ`ද අදහස් දක්වමින් කියා සිටියේ ‘‘ අපගේ ව්‍යාපාරයේ හවුල්කරුවන් අගය කරමින් ඔවුන් වෙත අපගේ කෘතඥතාවය විදහා දැක්වීම ස`දහා මෙවැනි වැඩසටහන් දිගින් දිගමට කි‍්‍රයාත්මක කිරීම ශී‍්‍ර ලංකාවේ අල්ට‍්‍රාටෙක් සිමෙන්ති සමාගමේ අපෙක්ෂාවයි. වසර 14කට පෙර ශී‍්‍ර ලංකාව තුළ අපගේ මෙහෙයුම් ආරම්භකළ අතර එය මේ වන විට වටිනා ප‍්‍රතිලාභ අත්කර දීමට සමත්ව සිටිනවා. අපගේ හවුල්කරුවන්ගේ සහයෝගිතාවය නොමැතිව මෙතරම් සාර්ථකත්වයක් අත්කර ගැනීම පහසු කි‍්‍රයාවක් නොවන අතර ඔවුන් සම`ග පවතින සම්බන්ධතාවය වඩාත් අර්ථවත් හා ශක්තිමත් ව පවත්නාගෙන යාම අපගේ සියලූ කි‍්‍රයාකාරකම්වල හරය වී තිබෙනවා.’’ යනුවෙනි.

ඇමරිකානු ඩොලර් බිලියන 40කට අධික වත්කම් සහිත ආදිත්‍ය බිර්ලා සමූහ ව්‍යාපාරයේ කොටස්කරුවකු වන ලොව දැවැන්තම සිමෙන්ති නිෂ්පාදකයා ලෙසින් අල්ට‍්‍රාටෙක් සිමෙන්ති වර්ථමානයේ ලොව පුරා රටවල් 36ක සිය මෙහෙයුම් කි‍්‍රයාත්මක කරමින් සිටියි. ශ‍්‍රී ලංකාවේ අල්ට‍්‍රාටෙක් සිමෙන්ති සමාගම ජාත්‍යන්තරව පිළිගත් ඉහළම විශේෂඥ දැනුම සම`ගින්, පර්යේෂණ හා සංවර්ධන පහසුකම් සහිත පර්යේෂණාගාර තුළදී තත්ත්ව පරීක්ෂාවට ලක්කරමින් ඉහළම ප‍්‍රමිතියෙන් යුතුව පාරිභෝගිකයින් අතට පත් කෙරේ. දින 28කදී උපරිම සම්පීඩන ශක්තියක් ලබා ඇති අල්ට‍්‍රාටෙක් සිමෙන්ති ඉංජිනේරුවන්ගේ ද විශ්වාසය දිනා ගැනීමට සමත් වී ඇත.

One of the Groups at Malaysia