99X Technology රනින් බබලයි

0

උසස් ප‍්‍රමිතියෙන් යුත් මෘදුකාංග ශා ඉංජිනේරු තාක්ෂණ සේවාවන් සම`ගින් මෙරට ආර්ථිකයට සුවිශේෂි දායකත්නයක් සලසා දුන් 99X Technology 22වැනි ජාතික අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩල සම්මාන උළෙලදී වෘත්තිමය සේවා අපනයන අංශයේ (මහා පරිමාණ) රන් සම්මානයෙන් පිදුම් ලබයි.

99X Technology විසින් මෘදුකාංග නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ යුරෝපා ගනුදෙනුකරුවන් ඉලක්කකර ගනිමින් සලසා දෙන ඹුදලට වැඩි වටිනාකමක් එක්කරන සේවාව ඇගයීමට ලක්කරමින් මෙම සම්මානය හිමිව තිබේ. ඔවුන් විසින් මේ වන විට යුරෝපයේ ව්‍යාපාර අවශ්‍යතා වෙනුවෙන් අනර්ඝ මට්ටමේ තාක්ෂණික යෙදවුම් 150ක් පමණ නිර්මාණය කර ඇත.

“ශී‍්‍ර ලාංකේය සමාගමක් ලෙසින් ජාත්‍යන්තර මෘදුකාංග ක්ෂේත‍්‍රය තුළ කීර්තිමත් නාමයක් දිනා ගැනීමට හැකිවීම පිළිබද අප සැබවින්ම සතුටට පත් වන අතර අපගේ කණ්ඩායමේ දැනුම උපයෝගිකර ගනිමින් රටේ අපනයන ආදායම වැඩිකර ගැනීමට දායක වීමට ලැබීම අපට මහත් ආඩම්බරයක්.’’ යනුවෙන් 999X Technology හි සම නිර්මාතෘ හා ප‍්‍රධාන විධායක නිලධාරී මනෝ සේකරම් සදහන් කළේය.

මීට පෙරද ජාතික අපනයනකරුවන්ගේ වාණිජ මණ්ඩල සම්මාන උළෙලදී ඇගයීමට ලක් වූ ආයතනයක් වන 99X Technology 2011 වසරේ සිට අඛණ්ඩව සේවා අපනයන අංශය වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

අපනයනකරුවන් ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙරට ආර්ථික සංවර්ධනයට දායකත්වය දක්වන අංශ දිරිමත් කිරීමේ අපෙක්ෂාවෙන් පැවැත්වේ.

මෘදුකංග නිෂ්පාදන නිර්මාණය කරනු ලබන ආයතනයක් වන 99X Technology ජාත්‍යන්තර වෙළෙ`දපොළ ඉලක්ක කරගත් නිෂ්පාදන හා සේවා සපයමින් යුරෝපයේ ඉතා ප‍්‍රචලිත නාමයක් දිනා සිටියි. එහි ප‍්‍රධාන කාර්යාලය කොළඹ පිහිටා ඇති අතර නෝර්වේ හි ඔස්ලෝ නුවර ද එහි ශාඛාවක් පිහිටා තිබේ. උසස් මට්ටමේ වාණිජ නිෂ්පාදන 150කට වැඩි ප‍්‍රමාණයක් මේ වන විට ඔවුන් විසින් හදුන්වා දී ඇත. ආයතනයේ පවතින විශිෂ්ටත්වය තවදුරටත් විදහා දත්වමින් ආයතන 15ක් අතරින් සේවය ස`දහා වඩාත්ම උචිත ස්ථානය ස`දහා Great Place To Work ආයතනය විසින් පිරිනමන සම්මානය අඛණ්ඩව දෙවරක් සම්මානය දිනා ගැනීමට ද 99X Technology සමත් විය.

Photo 1