Maga 30 වැනි වසරටත් විශිෂ්ටයා වේ

0

මෙරට ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම සමාගම ලෙස නම් දරා සිටින Maga Engineering සිය 30වැනි සංවත්සරය මහත් අභිමානයෙන් යුතුව සමරනු ලබයි. ඉදිකිරීම් ව්‍යාපාර ක්ෂේත‍්‍රයේ වසර 30ක් සපුරාලීම නිමිතිකර ගනිමින් Maga Engineering 2014 නොවැම්බර් මස 12වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැති මාධ්‍ය හමුවකදී සංවත්සර සැමරුම නිමිත්තෙන් නිර්මාණය කළ සිය නව ලාංඡනය එළි දක්වන ලදී.

එම අවස්ථාවට එක්වෙමින් Maga Engineering සමාගමේ සභාපති එම්.ජී. කුලරත්න සදහන් කළේ

‘‘ඉදිකිරීම් ව්‍යාපාරයේ දීර්ඝ ගමනක් ඉදිරියට පැමිණෙමින් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස 30වැනි සංවත්සරය සමරනු ලබන මෙම මොහොත සැබවින්ම අපට සුවිශේෂි අවස්ථාවක්. ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා බවට පත්වෙමින් අප අත්කරගත් ස්ථානය තවදුරත් රැක ගනිමින් ගනුදෙනුකරුවන් වෙනුවෙන් වඩාත් ගුණාත්මක හා ආරක්ෂාකාරී සේවාවක් සැලසීම අපගේ ඉදිරි බලාපොරොත්තුවයි. තර`ගකාරීත්වයට උචිත අන්දමින් නවීන තාක්ෂණයට අනුව අනුගත වෙමින් අද්විතීය සේවාවක් සැලසීමට කැපවී කි‍්‍රයාකාරන අපගේ කාර්ය මණ්ඩලයෙන් ලද සහයෝගය අභියෝග ජයගැනීමට අපට විශාල පහසුවක් වුනා. ’’ යනුවෙනි.

Maga Engineering සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී එම්. පියදාස අදහස් දක්වමින්

‘‘සුවිශේෂි ජයග‍්‍රහණ රැසක් සම`ග පසුකළ අපගේ දශක තුනක ගමන් මග පිළිබද අප ඉතාමත් තෘප්තිමත්. ඉදිකිරීම් කෂේත‍්‍රයේ ප‍්‍රධානතම ව්‍යාපෘති මෙහෙයවීමේ අවස්ථාව ඵ්ට් වෙත උදා වී ඇති අතර මාර්ග, පාලම්, ගොඩනැගිලි, ජල සම්පාදන සහ සමුද්‍ර ඇතුළු එකිනෙකට වෙනස් අංශ ඔස්සේ කි‍්‍රයාත්මක ව්‍යාපෘති 400කට වැඩි සංඛ්‍යාවක් ඵ්ට් විසින් ගෙවී ගිය කාලසීමාව තුළ සම්පූර්ණකර තිබෙනවා. රටේ අභ්‍යන්තර ව්‍යුහාත්මක සංවර්ධනයේ විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර මුල්කරගත් සංවර්ධන ව්‍යාපෘතීන් සම`ග එක්වෙමින් රට සංවර්ධනයේ කොටස්කරුවන් බවට පත්වීමට ලැබීම පිළිබ`ද අප මහත් සතුටට පත් වනවා.’’ යනුවෙන් ස`දහන් කරන ලදී.

සිය සංවත්සර සැමරුම් වැඩසටහන් මාලාවට ඔවුන්ගේ සාර්ථකත්වයේ පෙරගමන්කරුවන් වූ පාර්ශවකරුවන් සහ කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කළ උත්සව දෙකක් ඇතුළත්ව පවතී. ඒ අනුව නොවැම්බර් මස 14වැනිදා කොළඹ හිල්ටන් හෝටලයේ දී රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ව්‍යාපාරයේ කළමණාකාර අධ්‍යක්ෂවරුන්, ප‍්‍රධාන විධායක නිලධාරීන් සහ ප‍්‍රමුඛ පෙළ පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ආයතන ප‍්‍රධානීන් වෙනුවෙන් රාති‍්‍ර භෝජන සංග‍්‍රහයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. කාර්ය මණ්ඩලය වෙනුවෙන් පැවැත්වෙන උත්සවය කොළඹ ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී නොවැම්බර් මස 29වැනිදා පැවැත්වීමට නියමිතයි. එහිදී ආයතනයේ උන්නතිය වෙනුවෙන් දිගුකලක් පුරා කැපවීමෙන් සේවයකළ සේවක මහත්ම මහත්මීන් ඇගයීම ද සිදු කෙරෙනු ඇත.

මීට වසර 30කට පෙර එනම් 1984 වසරේ දී Maga Engineering ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ සේවා සැපයුම් ආයතනයක් ලෙසින් සිය මෙහෙයුම් ආරම්භ කරන ලදී. මේ වන විට 14,000 කට අධික පිරිසක් එහි සේවයෙහි නියුතු අතර ක්ෂේත‍්‍රයේ හසල දැනුමින් පිරි වෘත්තිමය නිපුණයින් ඒ අතරට අයත් වේ. පසුගිය වසර 10ක කාලසීමාව සුවිශේෂි කාලසීමාවක් බවට පත් කරමින් ජාතික වැදගත්කමින් යුත් ව්‍යාපෘති රැසක් අවසන් කිරීමට ඵ්ට් වෙත හැකියාව ලැබින. ඒ-9 මාර්ගය, යාපනය ශික්ෂණ රෝහල, කල්ලඩි පාලම, ඒ-35 මාර්ගය, උතුරු මාර්ගය යා කිරීමේ ව්‍යාපෘතිය, පේදුරු තුඩුව ජල සම්පාදන ව්‍යාපෘතිය, මහනුවර ජල සම්පාදන ව්‍යාපෘතිය සහ ශ‍්‍රි ලංකා රේගු ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය ඇතුළු ව්‍යාපෘති රැසක් ඒ අතරට අයත් විය. ඊට අමතරව මහල් 47කින් සමන්විත ලොව වැඩිම උසින් යුත් හරිත නිවාස සංකීර්ණය ලෙස සැලකෙන රාජගිරිය maga එ නිවාස ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ පළමු හරිත විශ්ව විද්‍යාලය ලෙසින් සැලකෙන NSBM හරිත විශ්ව විද්‍යාලය සහ මහල් 47කින් යුත් Grand Hyatt Colombo Hotel ඔවුන් විසින් ඉදිරියේදී නිමකිරීමට නියමිත ව්‍යාපෘති අතරට අයත් වේ.

ඉදිකිරීම් ඉංජිනේරු කෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා ලෙස maga වසර 6ක් පුරා අඛණ්ඩව ජාතික වාණිජ මණ්ඩලයේ සම්මානයට පාත‍්‍ර විය. නව්‍යකරණයේ පැහැදිලි නිර්මාණාත්මක හැකියාවන් විදහා දක්වමින්, අද්විතීය සේවාවන් සලසා දෙමින් ක්ෂේත‍්‍රයේ නායකත්වය ගෙන කටයුතු කිරීම හේතුවෙන් ජාතික ඉදිකිරීම් සම්මාන 78ක් දිනා ගැනීමට maga වෙත හැකියාව ලැබී තිබේ. ශී‍්‍ර ලංකාවේ වගකීම් සහගත ආයතන පෙළ ගැස්ම තුළ සිව්වැනි ස්ථානය අත්පත් කරගැනීමට ද maga සමත්ව සිටියි.

DSC_1324 DSC_9625 DSC_9671