ගුවන් යානා අනතුරේ කදුළු කතාන්දර….

0

අතුරුගිරිය, හෝකන්දර, වානගුරු මාවත ප‍්‍රදේශයට ගුවන් යානයක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වු අනුවේදණිය සිද්ය මෑත කාලයේ තවත් දුක් සහගත කතාන්දරයකි.

ගුවන් හමුදා විධායක මාධ්‍ය නිලධාරී ගිහාන් සෙනෙවිරත්න ගුවන් හමුදාවට අයත් ඒ එන් 32 වර්ගයේ ගුවන් යානයක් මෙලෙස අනතුර ලක්වී තිබිනි. මෙය සැහැල්ලූ වර්ගයේ මගී ගුවන් යානයක් වේ. මියගිය ගුවන් හමුදා සාමාජිකයින්ගේ තොරතුරු මෙන්න ගුවන් අනතුරෙන් මියගිය සහ තුවාල ලැබූ ගුවන් හමුදා සාමාජිකයින්ගේ තොරතුරු මෙසේය.

1 ප‍්‍රධාන ගුවන් නියමු නිලය – ස්කොඞ්රන් ලීඩර් නම – ඒ.එම්.ඩබ්.එන් අබේවර්ධන උපන් දිනය – 1981-06-09 පාසල – කොළඹ රාජකීය විද්‍යාලය ගුවන් හමුදාවට බැඳුණු දිනය – 2002-07-16 වේ.

2 සහයක නියමු නිලය – සියාසර ලූතිනන් නම – ඒ.ඒ.ඞී.ටී අමරතුංග උපන් දිනය – 1985-01-31 පාසල – හොරණ තක්ෂිලා විද්‍යාලය ගුවන් හමුදාවට බැඳුණු දිනය – 2006-07-14

3 නිලය – බලපන්ති සැරයන් නම – එම්.ඩබ්.එල් ප‍්‍රියන්ත උපන් දිනය – 1975-07-01 පාසල – අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලය ගුවන් හමුදාවට බැඳුණු දිනය – 1995-02-01

4 නිලය – කෝප‍්‍රල් නම – ඩබ්.ඒ.එන් විජේරත්න උපන් දිනය – 1984-04-03 පාසල – අනුරාධපුර ශාන්ත ජෝශප් විද්‍යාලය ගුවන් හමුදාවට බැඳුණු දිනය – 2004-01-08

5 නිලය – නායක ගුවන් භට නම – ජීකේඑන් චතුරංග උපන් දිනය – 1990-08-14 පාසල – බද්දේගම ක‍්‍රිස්තුදේව පිරිමි පාසල ගුවන් හමුදාවට බැඳුණු දිනය – 2010-08-30 මොහු මේ වනවිට ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිති.

හෝකන්දර වානගුරු මාවතට ගුවන් යානයක් කඩා වැටීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින නායක ගුවන්භට ජී.කේ.එන් චතුරංග හදිසි ශල්‍යකර්මයකට භාජනය කරන්නට මේ සටහන ලියන විටත් කටයුතු සුදානම් කර තිබේ.රෝහල් ප‍්‍රකාශිකාවක් පැවසුවේ ඔහු තවදුරටත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවයි.

මේ නායය,පිලිබදව, අපිට හුරුපුරුදු නමින් කිව්වොත් ඇන්ටනෝව් වර්ගයේ ගුවන්යානයක් තමයි 12 උදෑසන මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නෙය. යුක්රේනයේ නිෂ්පාදනයකර ඇති මෙම ගුවන් යානය මගී ප‍්‍රවාහනයට මෙන්ම බෝම්බ හෙළීමටත් උපයෝගී කරගන්නක් වේ. මේ වර්ගයේ ගුවන් යානයක් මුලින්ම නිපදවා තිබෙන්නෙ 1976 අවුරුද්දෙ බව, අන්තර්ජාල තොරතුරුවල දැක්වේ.

මෙම ගුවන් යානා එදා සිට අද දක්වාම භාවිතයේ ඇති අතර, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ඉන්දීයාව, ඇන්ගෝලාව, යුක්රේනය, බංග්ලාදේශය, කොලොම්බියාව ඇතුළු රටවල් ගණනාවක ගුවන් හමුදා තම කටයුතු වලට යොදා ගන්නව. AN 32 වර්ගයේ යානා පංති තුනක් යටතේ නිපදවෙන අතර, මෙම යානයක් අමෙරිකානු ඩොලර් මිලියන 12ත් 15ත් (වර්තමානයේ ඩොලරයක වටිනාකම රුපියල් 131ක් පමණ වන බැවින් මෙම යානයක් රුපියල් මිලියන 1572 – 1965 අතර වටිනාකමකින් යුක්ත වේ.

මියගිය ගුවන් නියමුවා විවාහවී මාස 1 1/2 යි,බිරිඳ ඇමති මහින්දානන්දගේ ඥාති දියණියක් වේ. අනතුරටපත් යානයේ ප‍්‍රධාන නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ ස්කොඞ්රන් ලීඩර් වසන්ත අබේවර්ධන මහතාය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකි. ඔහු කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. 1981 වසරේ ජුනි 09 දා උපත ලැබූ වසන්ත 2002 වසරේ ජුලි මස 16 වැනිදා ගුවන් හමුදාවට එක්ව සිටියේය.

ඉකුත් ඔක්තෝබර් 30දා යුගදිවියට ඇතුළත්ව ඇති වසන්තගේ බිරිඳ නයෝමි අලූත්ගමගේය. ඇය ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ඥාති දියණියකි.

අතුරුගිරිය ප‍්‍රදේශයට 12 උදෑසන කඩා වැටුණ ගුවන් යානයේ සහාය නියමුවා ලෙස කටයුතු කළේ පියාසර ලූතිනන් ඒ.ඒ.ඞී.ටී අමරතුංග මහතාය. හොරණ තක්ෂිලා විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු හොරණ උඩුව ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකි. 1985 වසරේ ජනවාරි 31 වැනිදා උපන් ධනුක ගුවන් හමුදාවට බැඳී ඇත්තේ 2006 වසරේ ජුලි 14 වැනිදාය.වාසනා පතිරණ මහත්මිය සමග විවාහ වී සිටි අමරතුංග මහතා එක්දරු පියෙකි.

යානයේ හිටි කෙනෙක් බේරගන්න කියල කෑ ගැහුව ගුවන් අනතුර ඇසින් දුටුවෝ කියන කතා ද මෙසේය.

අද උදෑසන සිදුවූ ගුවන් යානා අනතුර ඇසින් දුටු කිහිප දෙනෙකුම අපත් සමග තම මතකය මෙසේ අවදි කළා.

“මම ගෙදරින් එළියට බැස්සා විතරයි. මට ඇහුනා ගුවන් යානයක් එනවා. ඒත් එක්කම “ඩෝං” ගාලා පිපුරුම් ශබ්ධයක් ඇහුන. මට ඉබේම උඩ බැලූන. එතකොටයි දැක්කෙ මහා දුමකුත් එක්ක යානය කඩාගෙන වැටෙනව. අපි කෑගහගෙන එතනට දුවගෙන ගියා. පොඩි වෙලාවකින් එතනට සැහෙන්න සෙනග පිරුනා. ඒ වෙලාවෙත් ආයෙත් විශාල ගින්නක් සමග නැවතත් ශබ්දයක් ඇසුනා.”

මේ තවත් අයෙක්.

“මම නම් ගෙදර නිදාගෙන හිටියේ. දුව තමයි කිවේ ප්ලේන් එකක් ගිනි ගන්නවා කියලා. මම ඉක්මනින්ම එතැනට ගිහින් බලනකොට ගිනි ගන්නවා. කට්ටිය වටවෙලා කැ ගහනවා. මිනිස්සු වතුර ගෙනල්ල නිවාගන්න උත්සහ කළා. නමුත් නිවාගන්න බැරි උනා. ඊට පස්සේ කඩයක තිබු ගිනි නිවන උපකරණයක් ගෙනල්ල ඇල්ලූවා. එසේ කරන ගමන් තමයි බොඩි ටික ගත්තේ. පස් දෙනෙක් සිටිය ඒ සියලූ දෙනාම එළියට ගත්තා. එතනින් එක් අයෙක් කතා කළා. බේරගන්න කියලා කෑගැහුවා. කඩා වැටීමටත් පෙර කෑ ගහ ගහ තමයි ඇවිත් තිබෙන්නේ.”

ඡායාරූප සහ සටහන හබරාදුව නිමල් අල්ගෙවත්ත

NM32