“අපව අප සේ දැකීම මහත් වු අභිමානයක් ”

0

“තැන් තැන්වල විසිරිලා හිටපු අපේ මිනිස්සුන්ව හිටපු ජනාධිපති පේ‍්‍රමදාස මහත්තයා ඒකරාශි කරල තබුත්තේගම මේ ගම්තුලාන පහේ පදිංචි කෙරෙව්වා. නමුත් අපිට තිබුණා ලොකු අඩුපාඩුවක්. අපිට අපේ අනන්‍යතාවය රැක ගෙන ඉදිරි පරම්පරාවට පෙන්නන්න, අපේ පාරම්පරික බඩු භාණ්ඩ ආරක්‍ෂාකරල ප‍්‍රදර්ශනය කරන්න අපිට ම කියල ස්ථානයක් තිබුණේ නැහැ. ඒත් ඩිල්මා ආයතනයේ ලොකු මහත්තයාලට පිංසිදුවෙන්නට, අපිට අපේම කියලා තැනක් අද ලබා දුන්නා. ඒ මහත්තයාලටත් අපි ගැන ඒ මහත්තයාලට දන්වා සිටි නුවන් ගන්කන්ද මහත්තයාටත් අපි බොහෝම ස්තුතිවන්ත වෙනවා” යැයි සතුටු සිතින් යුතුව අහිකුණ්ඨික ප‍්‍රජාවේ වර්තමාන නායක නඩරාජා ඇතුළු සෙසු නායකයින් ප‍්‍රීති ප‍්‍රමෝදයට පත්වී මෙසේ කියා සිටියේ, තඹුත්තේගම කුඩාගම ගම්මානයට පසුගිය දා තමන්ටම කියා සංස්කෘතික මධ්‍යස්ථානයක් හිමිවු දා ය.

අහිකුණ්ඨික තරුණ ප‍්‍රජාව ද එදින ලැබුවේ අප‍්‍රමාණ සතුටකි. ”අපි ගැන හරිම ආඩම්බරයි. අද අපිට හරිම ප‍්‍රිතිමත් දවසක්, මොකද, ලක්‍ෂ 150ක අති විශාල මුදලක් අපි වෙනුවෙන් වියදම්කරල ලස්සනට ඒ මහත්වරු සාදා දුන්න මේ විශාල බිල්ඩිං එක අද ඉඳලා අපේම ජනතාවටනේ අයිති! ඒ මහත්වරු මේ විධියට අපි ගැන හිතපුඑක හරිම සතුටක් !” එසේ කීවේ ඉතාම ආකර්ශනීය ආකාරයෙන් නර්තන කිහිපයක්ම ඉදිරිපත් කරමින් එදින උත්සවයට පැමිණ සිටි පිරිස සතුටට පත්කළ යෞවනියන් කිහිප දෙනෙකි.

ඩිල්මා ආයාතනයෙන් ලද මෙම සුවිශේනිය වු වටිනා ත්‍යාගය, මෙපමණ කාලයක් තිස්සේ මොවුන්ගේ හදවත් තුළ කැකෑරෙමින් පැවති කිසියම් වු කනස්සල්ලකට පිළිතුරුක් වුවා යැයි ද තවත් තරුණ තරුණියන් පිරිසක් පැවසුවේ ”දැන්වත් අපේ අම්මලා තාත්තලා තැනින් තැන ගිහිං සාස්තර කියන එක, රිලා නැටුම් පෙන්වන එක නතර කරාවි” යැයි බලාපොරොත්තුවක් තබමිනි. වැඩිහිටියන් එසේ තැනින් තැන ගොස් තමන්ගේ ජන්ම පුරුද්ද ක‍්‍රියාවේ යෙදවීම මෙම තරුණ පරපුරට ඉවසුම් දෙන්නේ නැත. ඊට හේතුව ලෙසට ඔවුන් ගෙනහැර දැක්වුයේ ”සිංහල මිනිස්සු අපිව කොන්කරනවා. අපිට සමච්චල් කරනවා අපි අහිගුණඨිකයෝ කියලා. එතකොට අපිට ලැජ්ජයි. අපිත් කැමතියි අපිව කොන්කරන්නේ නැතිව අපිවත් පිළිගන්නවානම්.” යැයි කුඩාගම ව්දුහලේ 8,9 වසරවල අධ්‍යාපනය හදාරන නියෝමිත්, සුදර්ශනිත්, පූර්ණිමත්, චතුරංගිත්, අයේෂාත් ය.

එහෙත්, සංස්කෘතික ශාලාවේ විවෘත කිරීමේ උත්සවයට පැමිණ සිටි 49 වියැති මහතුන්ගෙ මසක්කා, 47 වියැති රාමසාමිගේ ඇංගටක්කා සහ 50 වියැති මහතුන්ගෙ සින්න බාලම්මා ද කිවේ නම් ”උපතේ සිට ජිවිත කාලය පුරාම ඇවිද ඇවිදලා පුරුදු වෙලා අපිට දැන් එකතැනකට වෙලා ඉන්න හරිම අමාරුයි. කොහේහරි ඇවිදල ගිහිං අතක් බලලා සාස්තරයක් කියන එක තමා අපේ සතුට.”යනුවෙනි.

දකුණු ඉන්දියාවෙන් ශ‍්‍රි ලංකාවට සංක‍්‍රමණය වී වසර ගණනාවක් තුළ ලංකාව පුරා විසිරි ජිවත් වුණු අහිකුණ්ඨික ප‍්‍රජාව, පැවති සහ වර්තමාන ආණ්ඩුවල මැදිහත්වීම් මගින් වර්තමානයේදි ප‍්‍රධාන වශයෙන් අනුරාධපුරය දිස්ත‍්‍රික්කයට ගොණුවි කුඩාගම, අන්දරබැද්ද, කළාවැව, අලිගම්බෙ හා සිරිවල්ලිපුරම් යන ගම්මාන 05ක ජීවත්වන අතර ඔවුන් සිය සාම්ප‍්‍රදායික ගෝත‍්‍රික ජිවන රටාවෙන් මිදි අනෙක් ජන කොටස් හා සාමානව එදිනෙදා කාර්යයන්හි නිරතව සිටිති. ජිවනෝපාය වෙනුවෙන් තැනින් තැනට ගොස් නයි නටවා , අත බලා සාස්තර කියා, රිලා නැටුම් පෙන්වා උපයා ගන්නා සොච්චම් මුදලින් අතීතයේ දිවි ගැට ගසාගත් ඔව්හු වර්තමානයේදි ඒ ක‍්‍රියාමාර්ගය විකල්ප ලෙසට මුදල් සොයා ගැනීමේ විධියක් ලෙසට හා ඇතැම් විටෙක විනෝදාංශයක් ලෙසට හා යොදා ගනිමින් සිය ප‍්‍රධාන ජීවනෝපා මාර්ගයන් වශයෙන් කුඹුරු වගාකරති. සත්ව පාලනය කරති. ස්වයං රැකියාවන් කරති. ගමෙන් නගරයට ගොස් වෙනත් රැකියාවන් හි නිරත වෙති.

මෙම ප‍්‍රජාව තුළින් බිහිවුණු උගත්කමක් ඇති දක්‍ෂ තරුණයෝ සිටිති. හොඳම උදාහරණයක් වන්නේ වර්තමානයේදි ප‍්‍රාථමික පෙළේ් හොද කැමරා ශිල්පියෙකු ලෙසට කටයුතු කරමින් විදුලි උපාංග අළුත්වැඩියා කිරීමේ තමන්ගේම ආයතනයක් (S.K. Studio & Electronics) ආරම්භකර ඇති 21 හැවිරිදි එරන්නාගේ ශාන්ත කුමාර ජයරත්න තරුණයාය. එමෙන්ම 24 හැවිරිදි ගුණපාලගේ අජන්තා ද පොත් ව්‍යාපාරිකයෙකු ලෙසට රැකියාව කරමින් දිකකට රුපියල් 1000-1500ක ශුද්ධ ලාභයක් උපයා ගනිමින් සතුටින් ජිවිතයට මුහුණ දෙන තරුණයෙකි.

තමන්ගේ පාරම්පරික සංස්කෘතික වටිනාකම් විනාශ වෙන්නට යා නොදි ආරක්‍ෂාකර ගන්නේ කෙසේද යන්න වැඩිහිටි අහිකුණ්ඨීක ප‍්‍රජාවේ කනස්සල්ලට බªන්ව තිබුණු එක් අඩුපාඩුවක් විය. එම කනස්සල්ල හªනාගත් මාධ්‍යවේදියෙකුවු නුවන් ගන්කන්ද මහතා විසින් ඩිල්මා කොන්සර්වේෂන් හි අධිපතින් හට මේ බව සැල කිරීමෙන් අනතුරුව නිරන්තර මනුෂ්‍යත්වයට නිසි ගරුත්වය හා සත්කාරය පුදකරන්නට සෑදි පැහැදි සිටින ඩිල්්මා කොන්සර්වේෂන් හි අධිපතින් වන ගරු මෙරිල් ජේ ප‍්‍රනාන්දු සහ එතුමාගේ පුත් ඩිල්හාන් සී ප‍්‍රනාන්දු මහතුන් විසින් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වෙසෙන අහිකුණ්ඨික ප‍්‍රජාවගේ මහත් වු ඒ අවශ්‍යතාවය ඉටුකර දෙන්නට නොපැකිළව පියවර ගෙන තිබුණි.

ගම් තුලාන පහක ජීවත්වන අහිකුණ්ඨික ප‍්‍රජාව සංඛා්‍යවෙන් 1000 ක් පමණ වන අතර සමස්ත අහිකුණ්ඨික ප‍්‍රජාවේ ම නායක ඇත්තෝ වන්නේ නඩරාජා ය. ඔහු කුඩාගමේ ජිවත්වන අතර අන්දරබැද්ද රැහේ නායකයා එංගටන්නාගේ මසන්නා ද කළාවැව රැහේ නායකයා අනවත්තු මසන්නා ද අලිගම්බෙ රැහේ නායකයා එම්. රාසකුමාර ද සිරිවල්ලිපුරම් රැහේ නායකයා කරුපන් සිල්වා ද වෙති. මොවුන්ගෙන් අති බහුතරය ක‍්‍රිස්තියානි ආගමීකයින් වන අතර ඉතාම අතළොස්සක් දෙනා බෞද්ධාගමීකයින් වෙති. තෙළිඟු භාෂාව ප‍්‍රමුඛව සිංහල හා දමිල භාෂාවන් ද ලොකු කුඩා කාහටත් මනාව භාවිතාවේ යෙදිය හැකි යැයි ඔව්හු පැවසුහ. තරුණ පරම්පරාවේ පුද්ගල නම් සියල්ලක්ම සිංහල උරුවේ නම්වන අතර ඔවුන් බොහෝමයකගේ අපේක්‍ෂාව ද වන්නේ සිංහල මිනිසුන් මෙන් සිය ජීවන රටාවන් තව තවත් වර්ධනය කරගැනීමයි. විශේෂිතම දේ නම්, තමන් අහිකුණ්ඨික ප‍්‍රජාවක් ලෙසට නම්කරුනු ලැබිමට තරුණ පරම්පරාව කිසිදු මනාපයක් , සතුටක් නැත.

තවදුරටත් තමන් තැනින් තැනට සංක‍්‍රමණය වෙමින් ජීවත් වන ”අහිගුණ්ඨික මිනිස්සු” ලෙසට හන්වන්නේ නැතිව ”ශ‍්‍රි ලාංකීය තෙළිඟු ප‍්‍රජාව” ලෙසට පිළිගන්නේ නම් එය ඉතා කාලෝචිත යැයි මෙම තරුණ කොටස් පැවසුවේ, තමන්ට තෑගි ලෙසට මෙදින ලද, මෙම සංස්කෘතික මධ්‍යස්ථානය නිසි ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගනිමින් තමන්ගේ පාරම්පරික නැටුම් ගැයුම්, රැකියා විධි ඇතුළු ෙඓතිහාසික උරුමයන් රක්‍ෂාකරගන්නට, ඒවා ප‍්‍රදර්ශනය කරන්නට දැන් හැකියාව ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයත් අවස්ථාවනුත් උදාකර ගැනීම සහ උදාකර දීම, අද පටන් ඇති ඉදිරියේ තිබෙන අත්නොහල යුතු වගකීමක් වශයෙනි.

සංචාරක සටහන සහ ඡායාරූප – මෙලනි මානෙල් පෙරේරා

IMG_3201 Nadaraja, Dilhan C Fernando and Meril J Fernando some of youth The Cultural Hall The Gypsy day 1 The Gypsy day 2 The Gypsy day 5