වත්තල හේමාස් රෝහල 2014 ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලදී ඇගයීමට

0

ජාත්‍යන්තර ප‍්‍රමිති සහතිකලත් ශී‍්‍ර ලංකාවේ පළමු රෝහල් ජාලයේ ආරම්භක රෝහල වන වත්තල හේමාස් රෝහල 2014 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයෙන් නොබෝදා පිදුම් ලැබීය. ශී‍්‍ර ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙලදී සෞඛ්‍ය අංශයේ විශිෂ්ටතම සේවා සැපයුම් ආයතන අතරට එක්වෙමින් එහි දෙවැනි ස්ථානය හිමිකර ගැනීමට වත්තල හේමාස් රෝහල සමත් විය.

මෙරට ආර්ථිකයට ඉමහත් දායකත්වයක් දක්වන දේශිය ව්‍යාපාරිකයින් ඇගයීමට ලක් කරමින් ඔවුන් දිරි ගැන්වීමේ අරමුණින් ජාතික වාණිජ මණ්ඩලය විසින් වාර්ෂිකව මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි. ව්‍යාපාරික ආයතන ඔවුන්ගේ මෙහෙයුම් පවත්වාගෙන යන ආකාරය හා ඒ ස`දහා ඔවුන් මෙහෙයවනු ලබන විශිෂ්ට නායකත්වය, යහපාලනය, ව්‍යාප්තිය, කළමණාකාරිත්වයෙහි කැපී පෙනෙන දක්ෂතා, දේශිය හා ජාත්‍යන්තර වෙළෙ`දපොළ තුළ පුළුල් කර ගැනීම්, ආයතනික සමාජ වගකීම්, පරිසර තිරසාරත්වය උදෙසා දක්වන දායකත්වය හා ව්‍යාපාර සහ මූල්‍ය ප‍්‍රතිඵල යන සාධක පිළිබ`දව සම්මාන ස`දහා නිර්දේශ කිරීමේ දී සැලකිලිමත් වේ.

මෙම ජයග‍්‍රහණය පිළිබ`ද අදහස් දක්වමින් වත්තල හේමාස් රෝහලේ සාමාන්‍යාධිකාරිනී හා සෞඛ්‍ය සේවා ප‍්‍රධානී වෛද්‍ය සමන්ති ද සිල්වා ස`දහන් කළේ

‘‘ හේමාස් රෝහල නවීන මෙන්ම විශිෂ්ට වෛද්‍ය හා සායනික පහසුකම් සම`ග රෝගීන්ට ගුණාත්මක බවින් ඉහළ සේවාවක් සැලසීමට සැමවිට කැපවීමෙන් කි‍්‍රයාකරනු ලබනවා. එයින් ඔබ්බට ගමන් කරමින් අපගේ නව හදුන්වාදීම් තුළින් මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ නව මානයන් හදුන්වාදෙන රෝහලක් බවට පත්වෙමින් ජාත්‍යන්තර තලයේ සෞඛ්‍ය සේවාවන් හදුන්වා දීමට අපට හැකියාව ලැබී තිබෙනවා. මෙරට සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම වෙනුවෙන් අපගේ උත්සාහය මෙලෙස ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලදී සම්මානයට පාත‍්‍ර වීම සැබවින්ම සතුටට කරුණක්.’’ යනුවෙනි.

ඇදන් 100ක් සම`ග 2008 වසරේ දී ආරම්භ කරන ලද වත්තල හේමාස් රෝහල මේ වන විට සිය 6වැනි වසර පසුකරමින් සිටියි. හේමාස් රෝහල් ජාලය ජාත්‍යන්තර වශයෙන් ද පිළිගැනීමට ලක් වූ රෝහලක් ලෙස ඔස්ටේ‍්‍රලියානු සෞඛ්‍ය ප‍්‍රමිතිකරණ කවුන්සිලයේ ප‍්‍රමිති සහතිකයෙන් පිදුම් ලබා ඇති අතර හේමාස් රසායනාගාර සේවය ෂීධ 9001 සහ 15189 තත්ත්ව සහතිකයෙන් ද පිදුම් ලබා තිබේ. එමෙන්ම හේමාස් රෝහල මෙරට වෘත්තිමය සෞඛ්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන් පිරිනැමෙන OHSAS 18000 ප‍්‍රමිති සහතිකයද හිමිකර ගෙන සිටියි.

හේමාස් රෝහල් ජාලය, හේමාස් සමූහ ව්‍යාපාරය යටතේ කි‍්‍රයාත්මක වන්නකි. හේමාස් සමූහ ව්‍යාපාරය මෙරට ජනතාවට පාරිභෝගික භාණ්ඩ, සෞඛ්‍ය සේවා, ප‍්‍රවාහනය හා සංචාරක යන ක්ෂේත‍්‍ර 04 යටතේ සේවාවන් සපයනු ලබයි.