ඒ අහිංසක දෑස් ඔබ එනතුරු මඟ බලා සිටි

0

ශ‍්‍රි ලංකාවේ ජිවන බර හියක වේගයෙන් ඉහළ ගොසින් ද්‍රරිද්‍රතාවයෙන් පෙලෙන අය දිනෙන් දින වැඩිවෙනවා. හැම දෙනෙකුම මුදල් පසු පස හඹා යන තත්ත්වයකට පත් වෙලා. රටේ සාරධර්ම අන්තයටම පිරිහෙමින් තිබෙන වකවානුවක වැඩිහිටියන් පමණක් නොවෙයි දරු පරපුරත් නොමග ගිහින් දෙමාපියන්ට තම දුදරුවන් බරක් වෙලා ආසාවන් පසුපස දිවයන යෞවන යෞවනියන් එහි කෙලවරටම ගොස් අවසාන අනාථ වු දරුවන් මොලොවට බිහිකරනවා. ඒ දරුවන් ද ඔවුන්ට බරක් වෙනවා.

ඇතැම් මව්වරු දරුවන් මරා දමනවා. මහ මඟ කුණු ගොඩක නැතිනම් කාණු පල්ලේ කිරිකැටියන් දමා අතුරුදහන්වන මව්වරුන් ඉන්නවා. තවත් මව්වරු දරුවන් තුරුල් කොටගෙන ගගේ මුහුදේ පැන දිවි තොරකර ගන්නවා.

ඒත් ආර්ථික අහේනියත්, සමාජ ගැටළුවලිනුත් මිරිකි සිටින ඇතැම් මව්වරුන් සෙනෙහම නිසාම දරුවන් ජිවත් කරන්න වෙර දරනවා. තම දු දරුවන් කුසගින්නේ විලාප දෙන අයුරු දකින දෙමාපියෝ ඒ දුක වාවා ගන්නට බැරිව අකමැත්තෙන් හෝ දරුවන් අනාථ නිවාස වලට බාර දෙනවා. දුප්පත්කම නිසාම දරුවන් දන් දුන්නාද දරු දුක නිසාම මව්වරුන් සිතින් දහස් වර හඩා වැලපෙනවා.

මෙවන් වු අහිංසක දරුවන් පිරිසක් හදා වඩා ගන්නා භික්‍ෂුන් වහන්සේ නමක් ගැන අපට තොරතුරු ලැබුණා. වැල්ලවත්ත ධර්මාරාම පාරේ ශ‍්‍රි සුගත විහාරය සෙවනේ මේ දරුවන් හැදී වැඩෙනවා.

වැල්ලවත්ත ශ‍්‍රී සුගත විහාරයේ විහාරාධිපති පුජ්‍ය ඌරුමුත්තේ සුගතානන්ද හිමියෝ අනාථ වු කුඩා දරුවන් දෙදෙනෙකුගෙන් 1994 දී ආරම්භ කළ මේ පුණ්‍ය ව්‍යාපෘතීය අද ළමා නිවසක් බවට පත් විය.

වයස අවුරුදු 3 1/2 සිට 17 දක්වා කුඩා දරුවෝ  හැට පස් දෙනෙකු (65)අද ශ‍්‍රි ජිනාන්ද ළමා නිවාසයේ සතුටින් කල් ගෙවති.මෙම නිවාසය තුළ මව පියා හෝ ඒ දෙදෙනාම නොමැති දරුවන් ද ජිවත් වෙනවා.

ඒ අහිංසක දෑස් ඔබ එනතුරු මඟ බලා සිටි—මේ නත්තල අපේ දරුවන් වෙනුවෙන්

ලියන්න…පොතක්,පැන්සලක්,පැනක් නැති…..
දාන්න සපත්තු දෙකක් නොවේ සෙරේප්පු දෙකක් නැති
ඔබේ නංගි,මල්ලි වැනි ඔබේ දරුවා වගේ කී දෙනෙක්
නම් මේ රටේ ජිවත් වෙනවාද……

ඒ අහිංසක දරුවන්ට රජ වෙන්න නොවේ…
යන්තමට සිනාසෙන්න ඔබත් දායක වෙන්න…
දවසක ඔබේ ජිවිතයේ සතුටුම දවස
ඒ මතක සටහන විය හැකියි…….

මේ නත්තලේ ….
අහිංසක දරුවන්ගේ බලාපොරොත්තු
එක්ක ලක් රේඩියෝ
අපි නත්තල සමරන්න සුදානම්

දරුවන් වෙනුවෙන් ඔබට දෙන්න පුලූවන් දේ ඔබම
දෙන්න…..එන්න කතා කරන්න…….
ඒ අහිංසක දෑස් ඔබ එනතුරු මඟ බලා සිටි……

දැන්ම කතා කරන්න – 0117259999

අරන් එන්න

Lakradio/onlinefirst News Station
525/4, ALWITIGALA MAWATHA,
NARAHENPITA,
COLOMBO 05

මුල්‍ය දායකත්වයන්

AlC NO- 1220026217
Commercial Bank of Ceylon PLC
WORD PLACE COLOMBO 7
SS KOTHLAWALA (PVT) LTD

XmaS_New_1

Xmas_new