සන්සිල්ක් – රමණි ඇකඩමියේ උපාධි ප‍්‍රධානෝත්සවය

0

නෙත් සිත් පැහැරගන්නා 19වන සියවසේ (වර්ෂ 1920) හිසකේ විලාසිතා සම`ගින් සන්සිල්ක්-රමණි ප‍්‍රනාන්දු කේෂ අලංකරණය හා රූපලාවන්‍ය පුහුණු ආයතනයේ සිසුසිසුවියන් නරඹන්නන් විශ්මයට පත් කරයි. සිය දක්ෂතා මෙලෙස එළි දක්වමින් සන්සිල්ක්-රමණි ප‍්‍රනාන්දු කේෂ අලංකරණ හා රූපලාවණ්‍ය පුහුණු ආයතනයේ 9වැනි උපාධි ප‍්‍රධානෝත්සවය, පාඨමාලා අවසන් කල සිසුසිසුවියන් වෙත උපාධි පිරිනමමින් උත්සවාකාරයෙන් පැවැත්වීය. කොළඹ සහ මහනුවර යන ප‍්‍රදේශවල පිහිටි සන්සිල්ක්-රමණි ප‍්‍රනාන්දු පුහුණු ආයතන දෙකෙහිම පාඨමාලා හැදෑරූ සිසුසිසුවියන් 100දෙනෙකුට වැඩි පිරිසක් වෙත එහිදී උපාධි පිරිනැමෙනු ඇත. එම සිසුන් අතර සන්සිල්ක් ශිෂ්‍යත්ව ලාභීන් 18දෙනෙකු ද වේ.

යුනිලීවර් ශී‍්‍ර ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ (Home & Personal Care) සිද්ධාර්ත් බැන(ර්ජි) මහතා උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර රෝසි සේනානාක මහත්මිය සම්භාවනීය අමුත්තා ලෙසින් සහභාගි විය.

Great Gatsby තේමාවෙන් හැඩගැන්වුණු සැඳෑව නොආරි සමරසිංහ හා ඇයගේ සහකරු වන චරිත ද සිල්වා ගේ ලතින් ඇමරිකානු නර්තනයෙන් වර්ණවත් වූ අතර සන්සිල්ක්-රමණි ප‍්‍රනාන්දු කේෂ අලංකරණ හා රූපලාවණ්‍ය පුහුණු ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂිකා ලකී ලේනගල විසින් සියලූ දෙනා පිළිගන්නා ලදී. උපාධි හිමිකරගත් සිසුසිසුවියන්ගේ Gatsby අභාෂයෙන් නිර්මාණය වූ හිසකේ විලාසිතා දැක්ම රාති‍්‍රයේ ප‍්‍රධාන අංගයක් වූ අතර උපාධි ප‍්‍රදානෝත්සවය, අස්ලම් හුසේන් නිර්මාණය කල විලාසිතා දැක්මකින් හා කාන්ති රංචගොඩ නිර්මාණය කල නර්තන නිර්මාණයකින් අලංකාරවත් විය.

පාඨමාලාව කි‍්‍රයාත්මකව පැවති කාලසීමාව තුළ විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කල උෂානි කල්පණී නයන්තරා විශිෂ්ටතම සන්සිල්ක් ශිෂ්‍යාව ලෙසින් කිරුළු පැලදී අතර තමාටම අයත් රූපලාවණ්‍යාගාරයක් ස්ථාපිත කිරීම ස`දහා ඇයට රුපියල් 50,000ක මුදලක් ද සන්සිල්ක් වෙතින් පිරිනැමින.

සන්සිල්ක්-රමණි ප‍්‍රනාන්දු කේෂ අලංකරණ හා රූපලාවණ්‍ය පුහුණු ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී හා කළමණාකරන අධ්‍යක්ෂිකා රමණි ප‍්‍රනාන්දු මහත්මිය උත්සවයට සහභාගි වෙමින් ස`දහන් කළේ ‘‘ අඛණ්ඩව 9වැනි වරටත් උපාධි ප‍්‍රධානෝත්සවය මෙලෙස උත්සවකාරයෙන් පැවැත්වීමට ලැබීම සතුටට කරුණක්. රූපලාවණ්‍ය හා කේෂ අලංකරණ ක්ෂේත‍්‍රය වෙනුවෙන් පවතින ඉල්ලූම ඉහළ යාමත් සම`ගින් අපගේ පුහුණු ආයතනය සම`ගින් සම්බන්ධ වන සිසුන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින හෙයින් 2013 වසර වෙනුවෙන් දෙවැනි වරටත් උපාධි ප‍්‍රධානෝත්සවයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කරනු ලැබුවා. උපාධි හිමිකර ගන්නා සිසුසිසුවියන් වෙනුවෙන් මාගේ සුභ පැතුම් පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගන්නෙමි. ’’ යනුවෙනි.

‘‘සන්සිල්ක් අපගේ ලෙන්ගතු ව්‍යාපෘති සහකරු ලෙසින් 2005 වසරේ සිට අපත් සම`ග සහයෝගයෙන් යුතුව කටයුතු කරනු ලබන අතර ශී‍්‍ර ලංකාවේ කේෂ අලංකරණ හා රූපලාවණ්‍ය ක්ෂේත‍්‍රයේ නව පරපුරේ ව්‍යවසායකයින්ට ඔවුන්ගේ දක්ෂතා විදහා දැක්වීමට කදිම වේදිකාවක් ගොඩනගා දී තිබෙනවා. ශී‍්‍ර ලංකාවේ කේෂ අලංකරණ හා රූපලාවණ්‍ය ක්ෂේත‍්‍රයේ City & Guilds අනුමැතිය සහිත ඩිප්ලෝමා හා පාඨමාලා මෙන්ම උපාධි කි‍්‍රයාත්මක කරනු ලබන පැරණිතම හා ප‍්‍රමුඛතම ආයතන ලෙස සන්සිල්ක්-රමණි ප‍්‍රනාන්දු කේෂ අලංකරණ හා රූපලාවණ්‍ය පුහුණු ආයතනය ප‍්‍රචලිතව පවතී. වසරකට පුහුණු ආයතනයේ ඇතුළත් වීම් ප‍්‍රමාණය 250ක ඉක්මවා තිබෙනවා.’’ යනුවෙන් රමණි ප‍්‍රනාන්දු මහත්මිය ප‍්‍රකාශ කළාය. එහිදී ඒ මහත්මිය යුනිලීවර් ශී‍්‍ර ලංකා සමාගමට හා ලකී ලේනගල හා පුහුණු ආයතනයේ ආචාර්ය මණ්ඩලයට මෙන්ම කාර්ය මණ්ඩලය හා සිසුසිසුවියන් වෙනුවෙන් සිය කෘතඥතාවය ද පළ කළාය.

මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගි වූ යුනිලීවර් ශී‍්‍ර ලංකා සමාගමේ අලෙවි අධ්‍යක්ෂ (Home & Personal Care)සිද්ධාර්ත් බැන(ර්ජි )මහතා මෙ සහයෝගිතාවය පිළිබ`ද අදහස් දක්වමින් පෙන්වා දුන්නේ ‘‘ සන්සිල්ක්-රමණි ප‍්‍රනාන්දු පුහුණු ආයතනය, පවතින සහයෝගිතාවය ම`ගින් කේෂ හා රූපලාවණ්‍ය ක්ෂේත‍්‍රයට කැමැත්තක් දක්වන පුද්ගලයින්ට සිය දක්ෂතා වැඩි දියුණුකර ගනිමින් සිහින සැබෑ කරගැනීමට උපරිම දායකත්වය ලබා දෙමින් සිටින බවයි. කෙස් කළඹින් තරුණ කාන්තාවකට ලැබෙන සුන්දරත්වය විදහා දැක්වීම සන්සිල්ක් හි ප‍්‍රධානතම අරමුණයි. ප‍්‍රවීණයින්ගේ උපදෙස් අනුව තරුණ කාන්තාවන්ගේ සුන්දරත්වය ඉස්මතු කිරීමට හා නිරෝගිමත් කෙස් කළඹක් ලබාදීම අපගේ දැක්මයි. ඒ වෙනුවෙන් කි‍්‍රයාත්මක මෙම වැඩපිළිවෙල යටතේ සෑම වසරකම සන්සිල්ක් ශිෂ්‍යත්ව 24ක් අප විසින් පිරිනමනු ලබනවා. මේ දක්වා 163දෙනෙකු වෙත එලෙස ශිෂ්‍යත්ව පිරිනමා තිබේ. සුදුසුකම් සපුරන ලද මෙම පිරිස කේෂ අලංකරණ හා සත්කාරක ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයින් ලෙස ඔවුන් ජීවත් වන සමාජයට අවශ්‍ය ම`ග පෙන්වනු ඇත. අපගේ මෙම වෑයම මෙරට කාන්තා, පිරිමි දෙපාර්ශවය වෙත රැකියා අවස්ථා සලසා දීමට හා ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට පමණක් සීමා නොවූවක් වන අතර එය සමාජයට හා ආර්ථිකයට ධනාත්මක ලෙසින් මුහුණ දීමට අවශ්‍ය සුදුසුකම් සපුරාලීම වෙනුවෙන් ඉවහල් වූවකි.’’ යනුවෙනි.

-සන්සිල්ක් පිළිබදව-
යුනිලීවර් සමාගමේ ප‍්‍රමුඛතම හිස කේ සත්කාරකයක් වන සන්සිල්ක් වෙළ`දනාමය මේ වන විට අංක එකේ ෂැම්පු නිෂ්පාදනය බවට පත්ව ඇති අතර Anglo-Dutch එකමුතුවේ ,”billon dollar brands” අතරට එක් වීමට ද සන්සිල්ක් ෂැම්පු හා කන්ඩිෂනර් වලට හැකියාව ලැබී ඇත. ශී‍්‍ර ලංකාවේ පමණක් නොව ලොව පුරා රටවල් 69කට අධික සංඛ්‍යාවක සන්සිල් නිෂ්පාදන අලෙවි කරනු ලබයි.

IMG_6040 edited IMG_6054 edited IMG_6657 edited IMG_6669 edited IMG_6743 edited IMG_6777 edited IMG_6995 edited