රෝ ,CIA,MI-6 කල හදියක්!

0

තමා පරාජය කිරීම සදහා කටයුතු කලේ ඉන්දියානු රෝ ඔත්තු සේවය, CIA රහස් ඔත්තු සේවය, MI-6 සංවිධාන එකතුව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.ඔහු මේ බව කියා සිටියේ ද හින්දු පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර ඇත්තේ තමන් මේ මොහොතේ විවේකයක් ලබා ගන්නවා මිසක මෙය විශ්‍රාම යෑමක් නොවන බවයි.

රෝ ඔත්තු සේවයේ ක්‍රියාකලාපය සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සම්බන්ධ නොවන බවත් තමා බලයෙන් පහකිරීමේ සැලසුම වසර දෙකකට පෙර සිට ක්‍රියාත්මක වී ඇති බවත් මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් සදහන් කර තිබේ.

යහපාලනයට සහයෝගය දැක්වීමට තමන් මුලදී සිතුවද දැන් තමන්ගේ පවුලේ අය ඉලක්ක කර ගනිමින් සිදුවන ක්‍රියාකලාපයන් නිසා තමන් යහපාලනයට සහයෝගය නොදීමට තීරණය කල බවද මහින්ද රාජපක්ෂ අවධාරණය කලා.