රාජිත ඇන ගනී!

0

බලයට පත්වූදා පටන් හොරු අල්ලමින් හොරු සමගම හෙළුවෙන් සිටින අමාත්‍ය රාජිත සේනාරත්න තමන්ගේ වගකීම අමතක කරමින් සිටී.රාජිත සේනාරත්න මහා ලොකුවට අනිත් අයට චෝදනා කලාට තම අංශයට අදාළ සේවකයන්ගේ ගැටළු වලට විසදුම් ලබා දීමට නොහැකිව කිචවී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක‍්‍රලේඛයකට විරෝධය පළ කරමින් රජයේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් එම අමාත්‍යාංශය ඉදිරිපිට පසුගියදා 03 වැනිදා සත්‍යග‍්‍රහයක් ආරම්භ කළා.එම සත්‍යග්‍රහය ආරම්භ කර අදට දින 12ක් ගත වුවත් රාජිත සේනාරත්න අමාත්‍යරයා ඒ සදහා විසදුම් ලබා දීමට තවමත් සමත්වී නෑ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු ප‍්‍රකාශ කළේ පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ වැටුප් නැවැත්වීමටද මේ වනවිට රෝහල් අධ්‍යක්ෂවරුන් ලිපි පවා නිකුත් කර ඇති බවයි.රාජිත සේනාරත්න අමාත්‍යරයා වෙන වෙන දේවල් පසුපස හඹා ගියද තවමත් මෙයට විසදුම් ලබා නොදීම සම්බන්ධයෙන් කණගාටු වන බවද ඇය ප්‍රකාශ කලා.