රවී නිසා ආණ්ඩුවේ විශ්වාසය බිදේ!

0

වත්මන් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම පවසයි.ඊයේ (08) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කලා.

භාණ්ඩාගාර බිල්පත් රුපියල් බිලියන 400කින් වැඩි කිරීමේ පනත පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල අතර එහිදී එය වැඩි ඡන්ද 21කින් පරාජයට පත්වුණා.මේ සිදුවීම පාදක කර ගනිමිනුයි මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාශ කලේ.

මුදල් පනතක් පරාජයට පත් වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්වී නැවත වරක් මහ මැතිවරණයට යා යුතු බවත් එසේ නොකලහොත් අදාළ අයට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙන එන බවද මන්ත්‍රිවරයා සදහන් කලා.

මේ සම්බන්ධයෙන් අදහස් දවමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයාද කියා සිටියේ ,මුදල් අමාත්‍යරයාගේ ප්‍රකාශ නිසා මුළු ජාත්‍යන්තර වෙළදපොල ඉදිරිපිටම අප මව් බිම බරපතල අපකීර්තියකට ලක්වී ඇති බවයි.මුදල් අමාත්‍ය රවී කරුණානායක පාර්ලිමේන්තුවට පැමිණ කිසිදු වගකීමකින් තොරව “මහ බැංකුවේ මේ වාර්තා වැරදී .අපේ ඇත්ත ණය මේක නෙමෙයි.කියලා “ලැජ්ජවක් නැතිව ප්‍රකාශ කරන බවද මන්ත්‍රිවරයා සදහන් කලා.මෙයට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන එන බවද බවද මන්ත්‍රිවරයා අවධාරණය කලා.