පෙම්වතෙක් හයර් කරමුද?

0

අනේ කාලේ වනේ වාසේ තමයි කියලා මේ දේවල් දිහා කට ඇරගෙන බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. දැන් හැමෝම බලන් ඉන්නවා ඇති අද මන් මොකක් ගැනද මේ කියන්න යන්නේ කියලා.චීනයේ ශොපින් වෙබ් සයිට් එකක් තියෙනවා Taobao කියලා, ශොපින් වෙබ් සයිට් එකක් කිව්වාම දන්නවානේ නොයෙකුත් මාදිලියේ, නොයෙකුත් බඩු බාහිරාදිය විකුණන්න, කුළියට ගැනීමට ගණුදෙණු කරන අතරමැදියෙක් කියලා. ඒත් මේ ළඟදී මේ වෙබ් සයිට් එකේ අරුම පුදුම සේවාවකුත් පළකරලා තිබ්බා. ඒ මොකක්ද දන්නවාද කුළියට පෙම්වතුන්ව ලබා දීමයි. මෙම වෙබ් පිටුවේ එක් එක් පෙම්වතුන්ට එක් එක් මිළ ගණන්ද එහි සඳහන් කර තිබෙනවා. එක පෙම්වතෙක් ලබා දෙන අවම කාලය දවස් 3කට සීමා වී තිබෙනවා.

මේ සේවාවවට ඇතුලත් වෙනවා, චිත්‍ර පටයක් බලන්න (මේ චිත්‍ර පටය ත්‍රාසජනක වුනොත් දෙගුණයක් ගෙවන්නත් වෙනවා) ඒ වගේම තමයි මේ සේවාවෙන් නොමිලේ ලබා දෙනවා තොල්පෙති හාදුවක්(ලිප් කිස්), අත්අල්ලන් ඇවිදින්න සහ කම්මුල්වලටයි නළලටයි සමුගැනීමේ හාදුවක් ද මේ සේවාවෙන් නොමිලේ ලබා දෙනවා.

මොනවා වුනත් මේ පිළිබඳව අදහස් දක්වන බොහෝ අය කියන්නේ කාන්තාවක් විවාහ වන විට ඇගේ දෙමාපියන්ගෙන් බොහෝ ප්‍රශ්න මතුවෙන නිසා මෙය පිළියමක් වශයෙන් හොඳයි කියලා. ඒ කියන්නේ දෙමව්පියන් තම දියණියන්ට විවාහ වෙන්න පුද්ගලයන් තෝරා ගැනීම සම්බන්ධයෙන් පීඩාවට ලක් කරන බවත් ඥාතීන් විවාහ කර ගැනීමට බල කරන නිසා එම තත්ත්වයෙන් මිදීමට මෙම ඇසුර හොඳ බවයි. මට තාම කොල්ලෙක් නෑ කියලා කියන අයට නම් ආතතියෙන් මිදෙන්න මේක නම් හොඳ අවස්ථාවක්.

ඒ වුනත් මේ වෙබ් සයිට් එකෙන් ගොඩක් පෙම්වතුන් හොඳට මුදල් හම්බ කරනවාලු. දවස් තුනකට සීමාවෙන මේ ඇසුරෙන් “හරි ගියොත් ගොඩ “කියන සංකල්පය තමයි ක්‍රියාත්මක වෙන්නේ. සල්ලි තියෙනවානම් මොනාද කරන්න බැරි?

මේ දේම තමයි ඉතින් අපේ පත්තර වල මංගල යෝජනා වලත් කරන්නේ හැබැයි මුදලට නම් නෙමෙයි ඔය දෙනවා කියන අනෙක් සේවාවන් අපේ මංගල යෝජනා පත්තරේ නම් නෑ. මොනවා වුනත් අබුද්දස්ස කාලේ නිසා තව ඉස්සරහට දෙමව්පියන්වත් මිළදී ගන්න වෙයිද දන්නේ නෑ.