මාතෘභූමි සංවිධාන සමග මහින්ද 18 සමරයි

0

ත්‍රස්තවාදය පරාජය කිරීමට දායක වූ සියලු දෙනා සැමරීමේ සතියක් 18 සිට විහාර මහා දේවි උද්‍යානයේදී පවත්වන බව හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද (16) පෙරවරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සදහන් කළා.

මාතෘභූමි සංවිධානය විසින් පවත්වන මේ සැමරුම් සතියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගි වන බවත් හිටපු අමාත්‍යවරයා අනාවරණය කළා.

2009 දි යුද්ධය අවසාන වීමේ සිට පසුගිය වසර දක්වා මැයි 18 යුධ විරුවන් සැමරීමට වෙන්වූවත්, දෙමළ ජනතාව අපහසුතාවයට පත් වන නිසා තම ආණ්ඩුව එවැනි සැමරීමක් සිදු නොකරන බව අමාත්‍ය රාජිත් සේනාරත්න පසුගිය දා ප්‍රකාශ කළා.