හිමින් කැඩෙන තේ දල්ලේන් කඩන් වැටෙන ආර්ථිකය

0

වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කම්කරු කොමසාරි් ජෙනරාල්වරිය සමග පැවති සාකච්ඡාවද අසාර්ථකයි. සයවන දිනයටත් වතුකම්කරුවන් සෙමෙන් වැඩකිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයේ නියැලෙයි.

DSC00038වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පස්වන (5) වතාවටත් කම්කරු කොමසාරිස් ජෙනරාල් චාන්දනී අමරතුංගගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (10.07) කම්කරු දෙපාර්තමේන්තුවේදී පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාවට වතු හාම්පුතුන්ගේ සංගමය සහ ලංකා කම්කරු කොංග‍්‍රසයේ මහලේකම් ආරුමුගන් තොන්ඩමාන් ඇතුල් වෘත්තීය සමිති නායකයින් ගණනාවක් සහභාගීවී තිබෙනවා.

DSC00050මෙහිදී වතු හාම්පුතුන්ගේ සමගමය යෝජනාකර ඇත්තේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් යෝජනාවී ඇති රුපියල් දහසක (1000) මුදල පිළිබඳව සලකාබැලීමට ලෝක වෙළෙඳපලේ තේ මිළ ඉහළයන තෙක් මෙම වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන්වූ සාකච්ඡා තරමක් ප‍්‍රමාදකළ යුතු බවයි. එතෙක් වතු කම්කරුවන් ආරම්භකර ඇති සෙමෙන් වැඩකිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අත්හරින ලෙසත් වතු වෘත්තීය සමිති නායකයින්ගෙන් ඉල්ලා තිබෙනවා. තවද සෙමෙන් වැඩකිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හේතුවෙන් තේ වතු සමාගම් වලට දැඩි පාඩුවක් සිදුවී ඇති බවත්, පවත්නා තත්වය මත තේ කර්මාන්තය කඩාවැටීමේ අවධානමකට ලක්වී ඇති බවත් වතු හාම්තුන්ගේ සංගමය මෙහිදී පෙන්වාදී තිබෙනවා.

DSC00055මෙම යෝජනාවට අකමැත්ත පලකළ වෘත්තීය සමිති නායකයින් සාකච්ඡුා වටයෙන් ඉවත්වී නැවත මෙම සාකච්ඡුාව මේ මස 15 වන දින දක්වා කල්දමා තිබෙනවා. වතු අධිකාරීවරුන් පෙන්වාදෙන්නේ මෙවර කම්රුවන්ට වැටුප් වැඩිකරන ලෙස යෝජනාකර ඇත්තේ 64% ක වැටුප් වර්ධකයක් බවය. එම වැටුප් වර්ධකය ලබාදුනහොත් තේ කර්මාන්තය කිසිසේත් කඩාවැටීමේ අවධානමින් ගලවාගැනීමට නොහැකි බවද වතු අධිකාරීවරුන් වැඩි දුරටත් පෙන්වාදෙනවා. මේ අතර වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වතු කම්කරුවන් ආරම්කර ඇති සෙමෙන් වැඩකිරීමේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය සයවන (6) දිනටත් ඊයේ (11.07) ක‍්‍රියාත්මක වන අතර  ඔවුන් සෙමෙන් තේ වතුයායේ තිබෙන වල්පැළෑටි සහ තණකොළ ගලවා දැමීම සිදුකරනු ලබනවා.

හැටන් රංජිත් රාජපක්ෂ 

DSC00045