යහපාලනයේ නිරුවත ඇමති මණ්ඩලයෙන් පේනවා

0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම නිතී විරෝධි බවත් ඇමතිකම් ලබාදීම තුළින් යහපාලන ආණ්ඩුවේ නිරුවත හෙළිවන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ පවසයි.

ඔහු කියා සිටියේ , කැබිනට්‌ මණ්‌ඩලය පත් කිරීම පිළිබඳව කිසිසේත්ම සතුටු විය නොහැකි බවයි.පසුගිය රජයේ බරපතළ වංචා දූෂණ පිළිබඳව චෝදනා එල්ල වුණු හිටපු ඇමැතිවරුන් සහ මන්ත්‍රීවරුන් රැසකට යහපාලන ආණ්‌ඩුව ඇමැතිකම් ලබා දී තිබෙන බවත් මේ හරහා යහපාලන ආණ්ඩුවේ නිරුවත මනාව හෙළිවන බවද ඔහු කියා සිටියා.