ලෙඩක් නෙවෙයි…එත් කරදරයක්!

0

සම මතුපිට ඇති සෛල ස්ථරය නිරතුරුවම ගැලවී යාම ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියක්. ස්නානය කිරීමේ දී තදින් ඇඟ අතුල්ලන විට සම මතුපිට ඇති සෛල ස්ථරය ඉවත් වෙනවා. මේ ක්‍රියාවලියම හිස මතුපිට සමෙහි ද සිදු වෙනවා. එසේ පොතු කැබලි ලෙස ගැලවී ඉවත්වන චර්ම සෛල හිසකෙස් අතර රැ‍ඳෙන්නට පුළුවන්. සාමාන්‍ය ව්‍යවහාරයේ දී ඉස්හොරි ලෙස හඳුන්වන්නේ ඒ තත්ත්වයයි.ඉස්හොරි කියන්නේ ලෙඩක් නොවේ…එත් කරදරක්…ඒ කරදරයෙන් මිදෙන්න කවුද අකමැති…

ශීර්ෂ චර්මය හා හිසකෙස් සදහා ආයුර්වේද රූපලාවන්‍ය සත්කාර

හිස් කබලට හා හිස කෙස් සදහා

විවිධ පුද්ගලයන් සදහා ඔවුන්ටම ආවේනික වූ කෙස් පිහිටා ඇත. ඒ සදහා හේතු කිහිපයක් බලපානු ඇත. මේ සදහා දේශගුණය, විවිධ රටවල ඇති ජාතීන්ගේ වෙනස්කම් බලපානු ඇත. එයට හේතුව වනුයේ ජානමය විවිධත්වයයි. පාරිසරික විවිධත්වයයි.

⦁ මැද පෙරදිග ජාතීන් – රන් පැහැයෙන් යුතුවීමagefoto_rm_photo_of_dandruff_on_mans_shoulder
⦁ ජපන් ජාතීන් – තඩා හැලෙන සුඵ වීම
⦁ යුරෝපීන් – රන් හෝ දුඹුරු පැහැ වීම
⦁ අප‍්‍රිකානුවන් – රඵ හා පොකුටු වීම
රූපලාවන්‍යගාරයක් තුල හෝ නිවසේදී හෝ අපි හිසට යම් සත්කාරයක් හෝ විලාසිතා සදහා කෙස් සකස් කිරීමේදී කෙස් ගස සෑදී ඇති අයුරු දැනගත යුතුය. එනම් එහි සංයුතිය වේ.

⦁ කාබන් 50-65%
⦁ හයිඩි‍්‍රජන් 6.36%
⦁ නයිටි‍්‍රජන් 17-14%
⦁ සර්ෆර් 5%
⦁ ඔක්සිජන් 20.85%
හිසකෙස් ඇතුඵ සිරුරේ දක්නට ඇති සෑම රෝම කූපයක්ම නිර්මාණය වී ඇත්තේ කෙරටින් නැමැති ප්‍රෝටීන විශේෂයකිනි. ශරීරයේ ඝනකම් කෙරටීන් ස්ථරයක් දක්නට ලැබෙන්නේ නියපොතු හා කෙස් වල පමණි. හිසකෙස් ඇතුඵ සියඵම රෝම කූප සිරුරේ අධික උෂ්ණත්වය, සීතල මෙන්ම සිරුරේ ආරක්‍ෂාවද තහවුරු කරයි.

දැන් බලමු අපි වැඩුනු කෙස් ගසක ස්වරූපය

Hire

වර්තමානය වන විට කාන්තාවන්ට හා පිරිමි යන දෙපාර්ශවයටම තිබෙන ප‍්‍රධාන ගැටඵවක් ලෙස ඉස්හොරි සැලකිය හැකිය. ඉස්හොරි ඇති විටම අපිචර්මයේ සෛල නිපදවීම අතර ඇති වෙනස්කම් හේතුවෙයි. අපිචර්මයේ අලූතින් නිපදවන සෛල දින 26කට වරක් ගැලවී යයි. මෙම සෛල සමග ලවන මිශ‍්‍රවීම නිසා කැසීම ඇතිවේ. සෛල වල තෙල් නිපදවීම අඩු වු විට හිස්කබලේ වියලි ස්වභාවය ඇතිවේ.

මේ සදහා බලපාන හේතු ලෙස අධික හිරු රශ්මිය, වැරදි ෂැම්පු, කන්ඩිෂනර් ආලේපන භාවිතා කිරීම හේතූවේ. එවගේම ශරීරයේ උෂ්ණරෝග මේ සදහා බලපායි. එනම් ගැස්ට‍්‍රයීටීස් රක්තය වැනි රෝග බලපායි.

එවගේම අධික ලෙස තෙල් දැමීම නිසා එකට ඇඵනු ඉස්හොරි ඇතිවේ. මේ ආකාරයට ඉස්හොරි ඇතිවීමට අපේ ඇවතුම් පැවතුම් ප‍්‍රධාන වශයෙන් ඉවහල් වන බව කිව යුතුයි.

⦁විදුලි පංකා යට නිතර සිටීමඅවේලාවට ස්නානය

Dandruff
⦁රසකාරක ආහාර ගැනීම
⦁දුම් හා මත් ද්‍රව්‍ය පානය
⦁නුසුදුසු ෂැම්පු
⦁උෂ්ණ අධික ආහාර සහ ආලේපන භාවිතය
⦁මානසික ආතතිය
⦁නින්ද නොයෑම
⦁වෙනත් පාරසරික හේතු

ඉන් මිදීමට නම්

⦁ජලය අවශ්‍ය ප‍්‍රමාණයට (දිනකට ලීටර් 8ක) ගත යුතුයි.
⦁පළතුරු, එළවඵ සමග සමබර ආහාර වේලාක් ගැනීම.
⦁ශරීරයට නොගැලපෙන ඇවතුම් පැවතුම් වලින් මිදීම.

ඒ සදහා ප‍්‍රතිකාර
⦁හරංකහ
⦁මීපැණි

කන්ඩිෂනර් එකක් සාදා ගන්නා අයුරු
⦁බැබිල දඵ,
⦁දෙහි,
⦁උඵහාල්
මෙය සමව ගෙන තම්බන්න. මෙය කන්ඩිෂන් එකක් ලෙස ක‍්‍රියා කරයි. පසුව හිස කෙස්වල ගල්වන්න.
පසුව උණුවතුර පොගවාගත් තුවායක් මිරිකා හිස ආවරනය කර විනාඩි 10ක් තබන්න(ටවල් ඩ‍්‍රයි කරන්න)

ඉස්හොරි සුව කරන තෙල් සාදා ගැනීමChristmas_girls_Photo_santa_girl_1
⦁පිරිසිදු පොල් තෙල්
⦁උඵහාල්
⦁මී තෙල්

⦁මෙම ද්‍රව්‍ය ගෙන මැටි මුට්ටියක ලිප තබා හොදින් කකාරන්න.
⦁සතියකට දෙවරක් ආලේප කරන්න.
⦁පැය 6-12 පසු සෝදන්න. (සෙම සහිත ස්වභාවයක් ඇත්නම් පැය 3කින් සෝදන්න)

උපදෙස් දෙන්නේ

Mangalikaරූපලාවන්‍ය විශාරද
රූපලාවන්‍ය උපදේශිකා
W.M මංගලිකා කුමාරි විජේසුන්දර

මොඩන් බියුටි කොලේජ් (Modern beauty college)

 

Modern beauty college