බිත්තර නිෂ්පාදනය 30% කින් පහළ බසි-මිළ සීඝයෙන් ඉහළට

0

දේශීය වෙළපොලේ වසර ගණනාවකට පසු බිත්තර මිළ ඉහළ ගොස් තිබෙනවා.වෙළපොලේ රැුපියල් 15/= – 16/= අතර අලෙවි වු සුදු සහ රතු බිත්තරයක් මේ වනවිට වෙළපොළේ රැපියල් 21/= ක් වැනි සිල්ලර මිළකට අලෙවි කරනු ලබනවා.බිත්තර මිළ ඉහළ යෑම නිසා බිත්තර උපයෝගි කරගෙන නිෂ්පාදන කරන ආහාර ද්‍රව්‍ය කිහිපයකම මිළද ඉහළ ගොස් තිබෙනවා. වෙළදපොළට අවශ්‍ය සැපයුමි ලබා දිමට කුකුල් ගොවිපොළ හිමියන් අපහොසත් විම නිසා මෙම මිළ ඉහළයෑම
සිදුවි ඇති බවයි කොළඹ බිත්තර වෙළදුන් පවසන්නේ.

මේ  සමිබන්ධයෙන් අප කොළඹ බිත්තර බෙදාහැරිෙමි මධ්‍යස්ථානයේ කළමණාකාර පි. විශ්වනාදන්ගෙන් අප කළ විමසුමකට ඔහු පවසා සිටියේ කුකුල් ගොවිපළවල් ප‘ධාන වශයෙන් පවත්වාගෙන යන ප‘දේශ කිහිපයකම ෙමි දිනවල පවතින දැඩි වියළි
කාළගුණය හේතුවෙන් බිත්තර කිකිළියන් විශාල වශයෙන් මියයෑමට පටන් ගෙන ඇති බවයි

තවද පවතින දැඩි වියළි කාළගුණය හේතුවෙන් කිකිළියන්ට ලබා දෙන ආහාර අඩු කිරිම නිසා බිත්තර නිෂ්පාදනය 30% කින් පහළ බැස ඇති බවද විශ්වනාදන් පැවසුවා. ෙමි දිනවල බිත්තර වලට ඇති දැඩි ඉල්ලූම නිසා අවුරුදු සමය අවසන් විමත් සමග ඉල්ලූම පහත වැටිමෙන් බිත්තර මිළ යලිත් පහත වැටිමට ඉඩ ඇති බවත් විශ්වනාදන් වැඩි දුරටත් පවසා සිටියා.

හැටන් රංජිත් රාජපක්ෂ