මේෂ ,වෘෂභ ,සිංහ සුභයි … මෙදා අවුරුද්ද ඔබට කොහොමද ?

0

2016 අපේ‍්‍රල් මස 13දා අපර භාග 7.48ට උදාවන්නාවූ නව වසර ඔබට කොහොමද?අංක විද්‍යානුකූල ජෝතිශ්‍ය ශාස්ත්‍ර එස් .ජී සංජීව විසින් ගෙන එන නව වසරේ ලග්න පලාපල විස්තරය.

මේෂ ලග්න හිමි ඔබට

මේෂ ලග්නයෙන් උපන් ඔබට සුභයි . නමුත් යහළු මිත්‍රයන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි . දරුඵල නැතිව සිටී අයට දරුඵල ලැබේ . බඩ සම්බන්ධ රෝග හට ගනී . අධ්‍යාපන කටයුතු වලින් ඉතා හොද ප්‍රතිපල ලබා ගත හැකිය .නව නිවසක් බලාපොරොත්තුවෙන් සිටින අයගේ ඒ සිහින සැබෑ වේ .මේෂ ලග්නයෙන් උපන් ඔබට ඉතා සුභයි .

ශුභ අංකය – 07
ශුභ වර්ණය – ලා නිල්

වෘෂභ ලග්නය හිමි ඔබට

විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සුභයි . විසදා ගත නොහැකි ගැටළුවලට භාජනය වීමේ ඉඩකඩ පවතී . ලගින් ඇසුරු කල අයගේ වෙන්වීමක් සිදුවේ . ව්‍යාපාර කටයුතු වල නිරත වන අයට සුභයි .

ශුභ අංකය – 06
ශුභ වර්ණය – රතු පැහැය

මිථුන ලග්නය හිමි ඔබට

මානසික බලපෑම් ඇතිවේ . හිමි වන දේවල් ගැන කණගාටුදායක තත්වයක් ඇතිවේ . පාප මිතුරන් අත් හරින්න .නැතහොත් මිතුරන් නිසා ගැටළු රැසකට මුහුණ පෑමට සිදුවේ . ඉගෙනීමෙන් ජයග්‍රහණ ඇත . ශරීරයේ ඌෂ්ණ බිබිලි ඇතිවේ .

ශුභ අංකය -09
ශුභ වර්ණය – නිල්

කටක ලග්නය හිමි ඔබට

විවිධ රෝගාබාධවලට ලක් විය හැක . දරුඵල අහිමි අයට දරුඵල බලාපොරොත්තු විය හැක . ඒ අයට පිරිමි දරුවන් ලැබේ .බඩ සම්බන්ධ සැත්කම් වලට භාජනය වීමේ අවධානමක් ඇත . කට පරිස්සම් කරගෙන ජිවීතය ගත කල යුතුයි . විවාහ ජිවීතය තුළ විවිධ මතවාද ඇතිවේ . දේව ආශිර්වාදය ලැබේ. සෙනසුරු ග්‍රහ මාරුව ඔබට අශුභ වේ . අධ්‍යාපන කටයුතු වලට ඉතා අශුභයි .

ශුභ අංකය – 08
ශුභ වර්ණය – රතු පැහැය

සිංහ ලග්න හිමි ඔබට

සිංහ ලග්න හිමියන්ට ඉතා සුභ කාලයකි . ව්‍යාපාර කටයුතු කරන අයටද ඉතා හොදයි .හදිස්සි ධන ලාභ ඇත . ඕනෑම වැඩකට සදුදා දිනය සුභ වේ .ශරීරයේ ඉදහිට වේදනාකාරි තත්වයන් ඇතිවේ . දියුණුව අපේක්ෂාවෙන් සිටින ඔබට සුභ කාලයකි . නමුත් සහෝදර සහෝදරියන් අතර හිත් අමනාපකම් ඇතිවේ . සමස්ථයක් වශයෙන් ගතහොත් ඔබට ඉතා සුභයි .

ශුභ අංකය -08
ශුභ වර්ණය -කහ පැහැය

කන්‍යා ලග්න හිමි ඔබට

විවාහ ජිවීතය අසාර්ථක වේ .වෙන්වීම් පවා සිදුවිය හැකිය . මේ කාලය සුභ සහ අසුභ ලෙස ඔබට බලපාන අතර ඒ අනුව ලැබීම් නොලැබීම් මධ්‍යස්ත වේ .අධ්‍යාපනය ලබන අයට නම් සුභ පල ළගා කර ගත හැකිය . රැකි රක්ෂා අහිමි අයට රැකි රක්ෂා හිමිවේ . වසර අවසාන භාගය ඉතා සුභයි .

ශුභ අංකය -ලා නිල් පැහැය
ශුභ අංකය -01

තුලා ලග්න හිමි ඔබට

දියුණුවිය හැකිය . ඉදිරි සැලසුම් සාර්ථක වේ . ව්‍යාපාරික කටයුතුවල නිරත වන අයට සුභයි . හදිස්සි අනතුරු ඇතිවිය හැකි නිසා ප්‍රවේසමෙන් කටයුතු කරන්න . නිවැසියන් සමග අමනාපකම් ඇතිවේ . විදෙස් ගතවී රැකියාවක් කිරීමට බලාපොරොත්තු වේ නම් ඒ දේවල් සාර්ථක වේ . වසරේ අවසානය සුභ නැත . ආගමික කටයුතු වල වැඩි වශයෙන් නියැලෙන්න .

ශුභ අංකය – 03
ශුභ වර්ණය – කහ පැහැය

වෘශ්චික ලග්න හිමි ඔබට

පසු තැවිලි වීම් ඉතා වැඩියි .ජිවීතයේ ගනු ලබන තීන්දු තීරණ ගැන පසුතැවීම් ඇතිවේ . මිතුරන් නිසා බොහෝ ගැටළු ඇති විය හැකි නිසා පාප මිතුරන් අත් හරින්න . සදාගෙන යන නිවසේ වැඩ කටයුතු අතරමගදී නතර කර දැමීමට සිදුවේ . සූරා සූදුවට ඇබ්බැහි විය හැක . සමස්තයක් වශයෙන් සුභ පල ගෙන දේ . ගණ දෙවියන්ට පළතුරු පූජාවන් සිදු කිරීමෙන් ඔබට සුභ ප්‍රතිපල ළගා කර ගත හැකිය

ශුභ අංකය -08
ශුභ වර්ණය -නිල් පැහැය

ධනු ලග්න හිමි ඔබට

සිතන පතන කටයුතු සාර්ථක වේ . කිසිදු වැඩකට පසු බසින්න එපා .ඔබ අත තබන සෑම වැඩක්ම පාහේ ඉතා සාර්ථක වේ . දානමය පූජාවන් කිරිමෙන් ඔබට සුභ පල ළගා කර ගත හැකිය . දීර්ඝ කාලිනව බෙහෙත් භාවිතා කිරීමේ රෝග වලට භාජනය විය හැක . විවාහ ජිවීත වලට අශුභයි . දරුවන් පිළිබද ප්‍රශ්න මතුවේ . හද්ස්සි වැටීම් සහ සිරීම් ඇතිවේ .ඒවයින් මිදීම සදහා දානමය පූජාවල යෙදෙන්න .

ශුභ අංකය -07
ශුභ වර්ණය – රතු පැහැය

මකර ලග්න හිමි ඔබට

රැකි රක්ෂා බලාපොරොත්තුවෙන් සිටී අයට ඒ කටයුතු සාර්ථක වේ . ව්‍යාපාරික කටයුතු අඩපණ විය හැක . සූරා සූදුවට ඇබ්බැහි වීමට ඉඩකඩ පවතී . නිවාස කටයුතු සදා නිම කිරීම අතරමග නතර විය හැක . විවාහ ජිවීත වල වෙන්වීම් සහ ගැටළුකාරි තත්වයන් ඇතිවේ . සමස්තයක් වශයෙන් ඔබට මේ කාලය සුභ සහ අසුභ යන දෙකම හිමිවේ .

ශුභ අංකය – 02
ශුභ වර්ණය – ගුරු වර්ණය

කුම්භ ලග්න හිමි ඔබට

දියුණුව අපේක්ෂාවෙන් සිටින අයට සුභ වේ . මානසික බලපෑම් ඇති විය හැක . නිවස අළුත් වැඩියා කිරීමට හිත දේ .තමන් කරන වැඩ ගැන දෙවරක් සිතන්න . සමහර විට ඔබ ගන්නා තීරණ නිසා ජිවිත කාලයේම පසු තැවීමට සිදුවේ. විවාහ යෝජනා අපේක්ෂාවෙන් සිටින අයට සුභයි . හදවත් රෝග සහ වකුගඩු රෝග ඇතිවිය හැකිය . මුදල් වියදම් අතින් වැඩිවේ .

ශුභ අංකය – 04
ශුභ වර්ණය – කප පැහැය

මීන ලග්න හිමි ඔබට

විදෙස්ගතවී කරන රැකි රක්ෂා වලට සුභයි . ලගින් ඇසුරු කල අයගේ වෙන්වීම් සහ ප්‍රේම සම්බන්ධතා බිද වැටේ . ණය මුදල් ප්‍රශ්න ඇතිවේ . සමස්තයක් වශයෙන් මීන ලග්න හිමියන්ට අශුභයි . ඇස්ස තිබෙන පොල් ගෙඩි 07 ක් දේවාලයට පූජා කිරීමෙන් සුභ ප්‍රතිපල ළගා කර ගත හැකිය . හදිස්සි අනතුරු ඇතිවිය හැක . ඒ අනුව බෝධි පූජා ,ශාන්ති කර්ම වල යෙදීම යහපත්

ශුභ අංකය -02
ශුභ වර්ණය – කොළ

 

12512677_239689813049232_3222968200368066221_n

 

අංක විද්‍යානුකූල ජෝතිශ්‍ය ශාස්ත්‍ර
එස් .ජී සංජීව
දුරකතන අංකය – 0779444245