අමෙරිකානු බැංකු ඉතිහාසය වෙනස් වේ

0

අමෙරිකාවේ මහ බැංකුව වන යු.එස්.ෆෙඩරල් රිසර්ච් හි නව ප‍්‍රධානියා වශයෙන් ජැනට් යෙලන් පත් කර තිබේ. මෙම පත් කිරීම එරට සෙනෙට් මණ්ඩලය විසින් සිදු කර තිබෙන අතර සෙනෙට් මණ්ඩලයේ සභිකයින් 56 දෙනෙකු ඇය වෙනුවෙන් ඡන්දය භාවිත කර තිබේ.

ඒ අනුව බැංකුවේ සිය වසරක ඉතිහාසය තුළදී එහි ප‍්‍රධානියා වශයෙන් පලමු වතාවට කාන්තාවක් පත් කර තිබේ. ජැනට් යෙලන් අවුරුදු 67 ක් පමණ ඇති අතර ඇය හිටපු අමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් යටතේ ද සේවය කර තිබේ. මීට අමතරව කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වශයෙන් ද සේවය කර තිබේ. ලබන පෙබරවාරි 10 වනදා මහ බැංකු හිටපු ප‍්‍රධානියා වන බෙන් බර්නන්තේ ධුරයෙන් ඉවත් වීමෙන් පසුව යෙලන් එම තනතුරට පත් කර තිබේ.