අපි ගැන ජාත්‍යන්තරයත් මවිත වෙලා …පුදුම පිළිගැනීමක් තියෙන්නේ

0

ජාත්‍යන්තර වශයෙන් අපට මේ වන විට ඉතා හොද පිළිගැනීමක් පවතින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි .නිව්යෝර්ක් නුවර පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා .

රජය ගෙන යන වැඩපිළිවෙල සෑම රාජ්‍ය නායකයෙකුගේම පැහැදීමකට ලක්වූ බවත් , ජනාධිපතිවරයා සදහන් කලා .විශේෂයෙන්ම එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා සහ ජනාධිපති ඔබාමා යහපාලන ගමන් මග අනුමත කල බවත් , පසුගිය රජය අනුගමනය කල ප්‍රතිපත්ති හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් අප සමග ඈත් වුණ බවද ජනාධිපතිවරයා මෙහිදි කියා සිටියා.

වත්මන් රජයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල පැහැදිලි එකක් බැවින් ජාත්‍යන්තරය අපට දිනා ගැනීමට හැකිවී ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.