රාජපක්ෂලා මේ රටම කෑවා …මේ අයට හෙලිකොප්ටර් භාවිතය මෝටර් බයිසිකල් වගේ…මම මේ අයගේ හැටි ටික ටික කියන්නේ …

0

වත්මන් ආණ්ඩුව පෙරලීම සිහිනයක් පමණක් බව , ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා .ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ , ඊයේ (01) එරාවූර් අලිහාර් ක්‍රීඩාංගනයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.තිරසර යුගයක තෙවසර ඇරඹුම නැගෙනහිර පළාත් ජනහමුව නමින් මෙම ජනහමුව සංවිධාන කර තිබුණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,

“මේ රටේ අළුත් ආණ්ඩුවක් හදපු ජනතාවගේ බලාපොරොත්තු කඩ වෙන්න මම ඉඩ දෙන්නේ නෑ.මේ රටේ නැවත යුද්ධයන් ඇති වීම වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගන්න ඕන.ඒ සදහා දේශපාලන  පක්ෂ භේදයකින් තොරව රට සහ මහජනයා වෙනුවෙන් සියළු දෙනාගෙම සහය ඕන .

ආණ්ඩුවට විරුද්ධව නොයෙක් විවේචන තියනවා.සමහර අය කියනවා මේ ආණ්ඩුව පෙරලනවාලු.එයාලා නිදාගෙන ඉන්නකොට හීනෙන් පේන ඒවා තමා මේ .මෙගොල්ලන්ට ආණ්ඩු පෙරලන්න බෑ . ආණ්ඩුවක් වෙනස් කරන්න පුළුවන් රටේ ජනතාවට විතරයි . ඒක අවුරුදු 05 කට සැරයක් ලැබෙන මැතිවරණයකින්.

ආණ්ඩුව කරපු අය ,බලයේ හිටපු අය ,වැරදි වැඩ කරපු අය බලයටමයි කැමති .මෙයාලට නින්ද ගියාම මේ අයට හීනෙන් පේන්නෙත් එයාලා රජකම් කල හැටි . මෙයාලට නැතුව ගිය වරප්‍රසාද මතක් වෙනවා .ඒ කාලේ , මේ අයගේ හෙලොකොප්ටර් භාවිතය ගෙදර තියන මෝටර් සයිකල් වගේ .

තව ආණ්ඩු ඕන කියලා කියනවා නම් මට කියන්න හුගාක් දේවල් තියනවා . මම ඒවා ඔක්කොම කියන්නේ නෑ .ටිකයි කියන්නේ . මම බලාපොරොත්තු වෙනවා හෙට අනිද්දාට තව ටික ටික කියන්න .වංචා ,දූෂණ වලට ආයේත් ඉඩ තියන්න පුළුවන්කමක් නැහැ . ඒ සම්බන්ධයෙන් දැන් පරීක්ෂණ යනවා .ඒ වගේම දැන් ඉන්න අයත් දැන ගන්න ඕන .,එයාලත් දුෂණ වංචා කළොත් එයාලටත් මගෙන් චෝදනා සහ පරීක්ෂණ එනවා කියලා .

ඒ නිසා හිටපු අය ඉන්න අය කියලා වෙනසක් නෑ .වැරදි කරනවා නම් කවුරුත් වැරදි .මේ ආණ්ඩුවෙත් වැරදි වැඩ කරනවා නම් ජනතාව දන්නවා ඒ කවුද කියලා .ඒ නිසා මේ යන දිහා බලලා ජනතාව යම් යම් තීරණ ගනී . “