මෙදා අවුරුද්ද කන්න නෙමේ ලෙව කන්න … පඩි ගෙවා ගන්න බැරුව මහා අවුලක් ?

0

සිංහල දෙමළ අළුත් අවුරුද්ද නිමිත්තෙන් අප්‍රේල් මස වැටුප සහ අවුරුදු අත්තිකාරම් මුදල යන දෙකම අප්‍රේල් 10 ගෙවීමට තිබීම නිසා රජය විශාල මූල්‍ය අර්බුධයකට මුහුණදී තිබෙන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග සදහන් කරනවා.

ඒ සදහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලුම් කලද මේ වන තෙක් ඒ මුදල පියවා ගැනීම සදහා මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුව යහපත් ප්‍රතිචාරයක් මුදල් අමාත්‍යාංශයට ලබාදී නැති බවද වැඩිදුරටත් වාර්තා වේ .පවතින අර්බුධය හමුවේ එයට විසදුම් වශයෙන් මුදල් අච්චු ගැසීම හෝ වැඩි පොලියකට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට භාණ්ඩාගාරයට සිදු විය හැකි බැවින් එවැනි තාවකාලික විසදුම් ලබා දීම නිසා පොලි ප්‍රතිශත ඉහළ යාමත් උද්ධමනය ඉහළ යෑමත් සිදු විය හැකි බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.

පසුගිය ජනවාරි ,පෙබරවාරි ,මාර්තු යන මාසවලදී රාජ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් නොමැතිකම නිසා අළුතින් මුදල් මුද්‍රණය කිරීමට මහ බැංකුව පියවර ගත් අතර ඒ හේතුව නිසා රටේ ජීවන වියදම දරා ගත නොහැකි ලෙස ඉහළ යෑමක් දක්නට ලැබුණා.

උත්සව සමයේදී ඒ මූල්‍ය අර්බුධය ඉතා දරුණු ලෙස රට හමුවේ ඇති බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙනවා . මේ සදහා සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු නොකළහොත් උද්ධමනය ඉහළ ගොස් භාණ්ඩ මිල ඉහළ යනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අගවනවා. මේ වන තෙක් රාජ්‍ය සේවකයන් සදහා අප්‍රේල් වැටුප් පියවීම සහ අවුරුදු දීමනා ලබා දීමට මුදල් සොයා ගැනීම සදහා නිසි ආදායම් මාර්ගයක් , රජයට නොමැති අතරම,ඒ හේතුවෙන් ආණ්ඩුව තුළ දැවැන්ත අර්බුධයක් හට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම නිසා මූල්‍ය අර්බුධය තවත් තරුණු මට්ටමකට වැටෙණු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන්  පෙන්වා දෙනවා .මේ හේතුවෙන් ආනයනික භාණ්ඩ මිල ඉහළ යෑමත් , සිදු වෙනු ඇති බවත් ඒ හරහාද උද්ධමනය ඉහළ අගයක් ගනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයන් කරුණු අනාවරණය කරනවා .