අමුමිරිස් කිලෝවක් රැපියල් අටසීයයි..කරවිල රැපියල් 220යි

0

දේශිය වෙළදපොළේ අමුමිරිස් කිලෝවක සිල්ලර මිළ රැපියල් 800/= දක්වා ඉහළ ගොස් තිබෙනවා.ඉල්ලුමට සරිලන සැපයුමක් නොතිබිම නිසා අමුමිරිස් මිළ මෙසේ ඉහළ ගොස් ඇති බවයි වෙළදුන් පවසන්නේ.

මධ්‍යම කදුකරයට පසුගිය මාස කිහිපය තුල අඛණ්ඩව ඇදහැලුණු වර්ෂාව නිසා එළවලු වගාව සහ මිරිස් වගාව විනාශ වි ගිය බවයි ගොවින් පවසන්නේ. දැනට වගා කර ඇති මිරිස් වගාවේ ඵලදාව ලබා ගැනිමට තවත් මාස කිහිපයක් ගතවන බවයි ගොවින් පවසා සිටින්නේ.

මේ අතර උඩරට එළවලු මිළ තරමක් පහළ ගොස් ඇති අතර කරවිල කිලෝවක මිළ රැපියල් 220/= සිට ඉහළට අලෙවි වෙමින් තිබෙනවා.

රංජිත් රාජපක්ෂ -හැටන්