මහින්දට වැරැද්දු අය දැන් මෛත්‍රී වටේ….ජනපති ඉල්ලා අස්විය යුතුයි…

0

උද්ගතවී ඇති තත්ත්වය හමුවේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

ඊයේ (17) කොළඹ පැවැත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා සදහන් කලේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ පාලන කාලයේදී ඔහුට වැරැද්දූ මැති ඇමැතිවරුන්ම වත්මන් ජනාධිපතිවරයාටද උපදෙස් දෙන බැවින් ආණ්ඩුවේ ගැටලු පැනනැඟී ඇති බවයි.

මහින්ද රාජපක්‍ෂට සිය ජනාධිපති පාලනය තුළදී නීති උපදෙස් ලබාදුන් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා වත්මන් ජනාධිපතිවරයාටද නීති උපදෙස් දෙන බැවින් මේ වන විට නීතිමය ගැටලු පවා හටගෙන ඇති බවයි මන්ත්‍රීවරයා සදහන් කලේ.

“දැන් මේ රජය පණ අදින කාලේ. ඒ කාලෙට විවිධ ගැටලු මතුවෙනවා. මේ සිදුවෙන්නේ ඒක තමයි. ඒකනේ කැබිනට් එකේදී නැඟිටලා යන්න වෙන්නේ. මේ රට විනාශ කරන්නේ නැතිව ජනතාවට කැමැති රජයක් පත්කර ගන්න ඉඩදීලා ජනාධිපතිතුමා යන්න ඕන. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා එතුමට වැරදුණා වාගේ මේ ජනාධිපතිටත් වරදින්න පුළුවන් කියලා කිව්වේ අත්දැකීමෙන්”