ජනබල සේනාවට බැසිල් සෙනඟ ගේන්න එපා කිව්වා….නාමල් වැටෙන් පැනලා ගියා….කුළල් අස්සේ එජාපයේ ජය නියතයි!

0

එළඹෙන පළාත් සභා මැතිවරණය කුමන ආකාරයට පවත්වන්නේද යන්න පිළිබඳව අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමන් පසු දැනුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් පැවසුවා.

අද (04) පෙරවරුවේ කළුතර බණ්ඩාරගමදි පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“පහුගිය දවස්වල රාජපක්ෂවරුන් විසින් විරෝධතා ව්‍යාපාර කැදවලා තියනවා. පොදුජන පෙරමුණේ මහා දැවන්ත සෙනගක් ගේන ඒවා තමයි සංවිධානය කරලා තිබුණේ. නමුත් ඊයේ පෙරේදා සංවිධානය කරලා තිබුණ විරෝධතාවට ඉතාම සීම්ත පිරිසක් තමයි සහභාගි වුණේ. මම දන්න විදියට බැසිල් රාජපක්ෂ මහතා පණිවිඩ යවලා තිබ්බා ගේන්න එපා කියලා සෙනඟ. විමල් වීරවංශ මහත්තයාගෙයි තවත් දේශපාලඥයෙකුගෙයි සෙනඟ තමයි වැඩිපුර ආවේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා වැටෙන් පැනලා. ඒනිසා අපිට පේනවා එක්සත් ජාතික පක්ෂය පරාජය වුණත් පසුගිය පළාත් පාලන මැතිවරණය අපි නැවත සංවිධානය වෙලා ඊලඟට එන ඕනැම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න කටයුතු කරනවා.” අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Akila Viraj Kariyawasam