පෙරටුගාමී ඉන්නකම් ආණ්ඩු කරන්න බෑ

0

පෙරටුගාමී සමාජවාදී පක්ෂය තිබෙන තුරු ආණ්ඩුවට රට පාලනය කරන්නට නොහැකි බවත් පෙරටුගාමින් අවසන් කර රට පාලනය කළ යුතු බවද උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ පවසයි.

ඊයේ (17) පසුගියදා ගම්පහල නයිවල උසස් තාක්ෂණ ආයතනයේදී නවකවද සිදුවීමක් හේතුවෙන් අනතුරට පත් සිසුන් සමග මාධ්‍ය හමුවක් කැදවමින් අමාත්‍යවරයා සදහන් කළේ නවකවදයට විරුද්ධ සිසුන් පිරිසක් නවකවධයට සම්බන්ධ සිසුන් 40 දෙනකු විසින් පහරදී බිම දමා පාගා ඇති බවයි.

එහිදී විජේදස ඇමතිවරයා පවසා සිටියේ රටම විනාශ කරන හොර තක්කඩින්ට කියන එක නමක් පෙරටුගාමින්, බවය. නවකවධයට ලක්ව තුවාල ලබා සිටින සිසුන් පෙන්වමින් “මේ පෙරටුගාමින්ගේ වැඩ” යනුවෙන් කියු ඇමතිවරයා “එක්කො අපි රට පාලනය කරන්න වෙන්නෙ පෙරටුගාමින් ඉවර කරලා. එහෙම නැත්නම් පෙරටුගාමි පාතාලයට රට පාලනය කරන්න දෙන්න ඔ්නෑ” යැයි පැවසීය.

ඒ සමගම සිසුන් කැටවලින් එකතු කරන ආධාර ගෙනගොස් කසිප්පු බොන බද ඇමතිවරයා චෝදනා කළේය. එසේ එකතු කරන මුදල් සිසුන්ගේ යහපතට යොදවන්නේද යන්න ගැන තමන් අභියෝග කරන බවද විජේදාස ඇමතිවරයා ප‍්‍රකාශ කළේය.

රුහුණු විශ්විද්‍යාලයේ උත්සවයකට සහභාගි වූ උසස් අධ්‍යාපන ඇමතිවරයා වෙත ශිෂ්‍ය විරෝධතා එල්ල විම සම්බන්ධයෙන් අමාත්‍යවරයා සදහන් කළේ රටේ අගමැති, ජනාධිපති වැනි පුද්ගලයන්ට විශ්වවිද්‍යාලයකට යන්න තහනම් බව ඔවුන් සිතා සිටින බවයි.