තනිවම හමුවිම TNA ප්‍රතිකේෂ්ප කරයි – ජනපතිගෙන් සර්වපාක්ෂික සමුළුවක්

0

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් හෙට පස්වරු 05ට සර්වපාක්ෂික සමුළුවක් කැදවිමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

පාර්ලිමේන්තුවේ දී පසුගිය දිනවල ඇතිවූ නොසන්සුන්තාවය සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් මෙම හමුව කැඳවා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය සදහන් කරනවා.

මෙම හමුවට කතානායක කරු ජයසූරිය මහතාට ද ආරාධනා කර ඇති අතර අද(17) සවස ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානය අතර පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව දෙමළ ජාතික සන්ධානය විසින් ප්‍රතිකේෂ්ප කිරිම හේතුවෙන් පොදුවේ මෙම හමුව කැදවිමට කටයුතු කර තිබේ.

පවතින අර්බුදය හමුවේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පලකිරිමක් ලෙස දෙමළ ජාතික සන්ධානය තනිවම සාකච්ඡා සදහා සහභාගි විම ප්‍රතිකේෂ්ප කර තිබේ.

Loading…