ව්‍යවස්ථා විරෝධි අගමැතිගේ හා නව රජයේ ආනුභාවයෙන්, රුපියල නන්නත්තාරයි

0

ඉතිහාසයේ පෙර නොවු විරු ලෙස ලංකාවේ වර්තමානයේ ඇති වී තිබෙන දේශපාලන අස්ථාවරත්වය නිසා රුපියල පසුගිය 16 වෙනිදා වන විට 13. 4%කින් කඩා වැටි ඇතිබවත් ඔක්තෝබර් 26 වෙනිදා සිට මේ වන විට ලංකාවේ සමස්ත සංවර්ධන ව්‍යාපෘතිද 15% කින් පමණ කඩා වැටි ඇති බවත් මහ බැංකුව වාර්තා කරනවා.

ඩොලරය පසුගිය සතිය වන විට රුපියල් 176.50/65  දක්වා පැවති අතර සතිය මැද වන විට ඩොලරයේ අගය රුපියල් 176.80 දක්වා ගෙන තිබුණි.

ඔක්තෝබර් 26 වෙනිදා ජනාධිපති සිරිසේන රනිල් වික්‍රමසිංහ නිති විරෝධි ලෙස අගමැතිධූරයෙන් ඉවත් කරන විට ඩොලරය සඳහා වන රුපියලේ අගය පැවතියේ 173.05/20.

ලංකාවේ විදේශීය ආයෝජන ඉවත් කර ගැනීම, චීන මුදල් වැඩි වශයෙන් වෙළඳ පොළ තුළ සංසරණය වීම හා අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම මෙලෙස රුපියල අවප්‍රමාණ වීමට බලපාන බවයි වාර්තා වන්නේ.