දේශපාලන සදාචාරයක් නැති පාලකයන් ඉන්නා රටක අධිකරණ තීන්දු මගින් පමණක් විසඳුම් සෙවිය නොහැකි

0

අධිකරණ තීන්දුවලට ගරු නොකරන, ව්‍යවස්ථාවට ගරු නොකරන, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරණ, දේශපාලන සදාචාරයක් නැති පාලකයන් ඉන්නා රටක අධිකරණ තීන්දු මගින් පමණක් විසඳුම් සෙවිය නොහැකි බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දියත් කළ කුමන්ත්‍රණය අධිකරණය මගින් ලබා දෙනු ලබන තීන්දුවලින් පමණක් අවසන් නොවන බවත් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක අවධාරණය කරයි.

ඊයේ (08) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක සදහන් කළෙ රටක් පාලනය කළ යුත්තේ ව්‍යවස්ථාවට අනුකූලව බවත් මේ වනවටි මතුව ඇති දේශපාලන අර්බුදයේ ආරම්භකයා විධායක ජනාධිපතිවරයා බවත් රටම අරාජිකත්වයකට ඇද දමා තිබෙන මෙම දේශපාලන අර්බුදයට ජනාධිපතිවරයා වගකිවයුතු බවත්ය.

පාර්ලිමේන්තුව, ව්‍යවස්ථාව, අධිකරණය නොතකා කටයුතු කිරිමට ජනාධිපතිවරයාගේ විධායක බලය උපයෝගී වන බවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව යළි යළිත් තහවුරු වන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.