යුද,ගුවන්,නාවික, සේවා දිගු නෑ … අනිවාර්යයෙන් විශ්‍රාම ගැන්විමට නියෝග

0

තම නිලයේ රැදි සිටිය හැකි උපරීම සේවා කාලය සම්පූර්ණ කරනු ලබන සියළුම නිලධාරීන් සේවා දිගු ලබාදීමකින් තොරව විශ්‍රාම ගැන්විය යුතු බවට නියෝග කරමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විශේෂ චක්‍රෙල්ඛයක් නිකුත් කර තිබේ.

ශ්‍රීලංකාවේ යුද නාවුක සහ ගුවන් යන ත්‍රිවිධ හමුදාවටම බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති ඉහත චක“ලේඛය මගින් ආරක්ෂක අංශ නිලධාරින්ගේ හිගතාවයක් ඇතිවුවහොත් පුරප්පාඩු සම්පූර්ණ කිරිමට නිලධාරියෙකුට දෙන උපරීම කාලය වසර දෙකකට සීමා කිරිමට ද ජනාධිපතිවරයා විසින් නිකුත් කළ චක්‍රල්ඛය මගින් උපදෙස් දී සිටියි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිකුත් කරනු ලැබු ඉහත නියෝග ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු විසින් යුද්ධ නාවුක හා ගුවන් යන ත්‍රිවිධ හමුදාපතිවරුන්ටම දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයාගේ ඉහත නියෝගය ඇතුළත් ලිපියේ පිටපත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවින්ද්‍ර විජේගුණවර්ධන වෙත ද යොමු කර පවතියි.

රජයේ වෙනත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, අර්ධ රාජ්‍ය ආයතන හෝ වෙනත් විවිධ රජයේ ආයතනවල සේවය සදහා සක්‍රීය සේවයේ යෙදී සිටින හෝ විශ්‍රාමික හමුදා නිලධාරින් හෝ සෙසු නිලයන් යෙදවීම යන සිරස්තලය යටතේ ජනාධිපතිවරයාගේ නියෝගය දැනුම් දෙමින් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුගේ අත්සනින් යුතු විශේෂ නිවේදනයේ මෙසේද සදහන්වේ.

හෙට දිනට ගැලපෙන පරිදි ගුණාත්මකභාවයෙන් යුතු හා ඉහළ වෘත්තීය මට්ටමකින් යුතු අභිමානවත් ත්‍රිවිධ හමුදාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය හා ත්‍රිවිධ හමුදා අණපනත්වල පවතින ප්‍රතිපාදනවලට අනුකූලව කටයුතු කිරිමේ අවශ්‍යතාවය සලකා බලා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක අමාත්‍යාංශය විසින් පහත පත්‍රිපත්තිමය තීරණ ගෙන ඇත.

ජනාධිපතිවරයා නිකුත් කල ගැසට් නිවේදනය හේතුවෙන් ත්‍රිවිධ හමුදාවේ ඉහළ නිලතල දරන බොහෝ දෙනෙකුට හමුදා සේවයෙන් ඉවත්විමට සිදුවන අතර එය නව රජයට හානියක් බව ආරක්ෂක අංශ ප්‍රධානීන් ප්‍රකාශ කරයි.

ජනාධිපතිගේ මෙම උප්පර වැට්ටිය අගමැති ඇතුළු නව රජය අපහසුතාවයට පත් කරන්න කරපු දෙයක් බවද ආරක්ෂක අංශ ප්‍රධානීන් තවදුරටත් සදහන් කරයි.

1. සේනාධිනායක ලෙස අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ නියෝගය මත මිස ත්‍රිවිධ හමුදා සේවයේ විශ්‍රාම ලබා සිටින කිසිදු නිලධාරියෙකු හෝ සෙසු නිලයෙකු නැවත සක්‍රිය සේවයට නොකැදවිය යුතුය.

2. වෘත්තීය නිලධාරින්ගේ හා සෙසු නිලයන්ගේ හිගතාවය සලකා බලා පුරප්පාඩු සම්පුර්ණ කරගන්නා තෙක් වෘත්තීමය නිලයන් සදහා පමණක් විශ්‍රාමගත් දින සිට එක් අයෙකුට වසර දෙකක උපරීමයකට යටත්ව සේවා දිගු ලබාදීම පිළිබදව අතිගරු ජනාධිපතිතුමා විසින් සලකා බලනු ඇත.

3. තම නිලයේ රැදි සිටිය හැකි උපරීම සේවා කාලය සම්පූර්ණ කරනු ලබන සියළුම නිලධාරින් සේවා දිගු ලබාදිමකින් තොරව විශ්‍රාම ගැන්විය යුතුය.

4. මෙහිදි විශ්‍රාම වැටුපට හිමිකම් කීමට අවශ්‍ය වසර 20 ක සේවා කාලය සම්පූර්ණ කර නොමැති නිලධාරින් හට එම කාලය සම්පූර්ණ කරන තෙක් පමණක් වසරින් වසර සේවා දිගු ලබාදීමට කටයුතු කළ යුතුය.

එහිදි ඔහුට ඉදිරි උසස්විම් කිසිවක් හිමි නොවන අතර වසර 20 ක කාලය සම්පූර්ණ කිරීමට ඉඩ සැලසීම සදහා පමණක් සේවා දිගු ලබාදිම කළ යුතුය.

5. සේනාධිනායක ලෙස අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ නියෝගයක් මත මිස සක්‍රීය සේවයේ යෙදි සිටින කිසිදු නිලධාරියෙකු හෝ සෙසු නිලයෙකු රජයේ වෙනත් අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, අර්ධ රාජ්‍ය ආයතන හෝ වෙනත් විවිධ රජයේ ආයතනවල හෝ රජයේ නොවන ආයතනවල රාජකාරී සදහා ත්‍රිවිධ හමුදා රාජකාරි වලින් මුදා නොහැරිය යුතුය.

6. දැනටමත් එසේ මුදා හැර ඇති නිලධාරින් හා සෙසු නිලයන් යොදවා ඇති රාජකාරි සදහා අදාළ ආයතන වෙතින් අන්තර්කාලීන වැඩපිළිබෙලක් යොදා ගන්නා තෙක් මාස 3 ක කාලයක් ලබාදී ඔවුන් ආපසු හමුදා රාජකාරි සදහා කැදවිය යුතුය.

ඉහත පරිදි කටයුතු කිරිමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නේ නම් මැනවි.

Loading…