බලලෝභි ඒකාධිපති වියරුවට රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත විනාශ කිරීමට ඉඩ දෙන්නේ නෑ – ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට සියල්ල සූදානම්

0

ඉදිරි වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස, උප නායක ලෙස රවී කරුණානායක හට කටයුතු කිරීමකෘත්‍යාධිකාර මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ දී කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේදි මෙම අනුමැතිය හිමි වී තිබෙනවා.

එසේම පුළුල් දේශපාලන පෙරමුණක් බිහි කිරිමේ අරමුණින් පිහිටුවන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධනයට එකතුවීම සඳහාද එක්සත් ජාතික පක්ෂයට අවසර ලබා දීම කෘත්‍යාධිකාර මණ්ඩලයේ ඒකමතික කැමැත්ත හිමි වී තිබෙනවා.

ඒ අනුව නව සන්ධානයේ ව්‍යවස්ථාව සකස් විය යුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවක් කිරිම සඳහා ලබන (27) වැනි දා සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී විශේෂ හමුවක් කැඳවීමට නියමිතය.