අගමැතිකම නැති වෙච්ච මහින්දට ලඟදීම මන්ත්‍රිකමත් නැතිවෙනවා……!

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු තවත් 50 දෙනෙකුට පමණ ඉදිරියේදි සිය මන්ත්‍රිධූර පවා අහිමිවන බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ඊයේ (22) මිගමුව එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩලය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

“පාර්ලිමේන්තුවට ආව පක්ෂ සමාජිකයෙක් ඒ පක්ෂයෙන් ඉල්ලා අස්වුනොත් හෝ වෙනත් පක්ෂයක සමාජිකත්වය ගත්තොත් එතැන් සිට මාසයක් යන දවසේ ඔහුගේ මන්ත්‍රිධූරය නිකම්ම අහෝසි වෙනවා. කවුරුවත් උසාවි යන්න ඕන නෑ. මම අනිත් පැත්තට ඇවිල්ලා වාඩි වුනොත් මම අස්වෙලා නැත්නම් උසාවි යන්න ඕන. දැන් විජිතමුණි සොයිසා ඇවිල්ලා මේ පැත්තේ වාඩි වුණා. වාඩි වෙලා කිව්වා මම දිගටම ශ්‍රි ලංකා. දැන් එයාව අයින් කරන්න උසාවි යන්න ඕන. නමුත් මම අනිත් පැත්තේ වාඩි වෙලා කයිවාරු ගහලා කිව්වොත් මම දැන් පොහොට්ටුවේ කියලා. මාසෙන් ඩවුන්. පාර්ලිමේන්තුව විසුරවපු දවසට පස්සේ දවසේ තමයි මහින්ද රාජපක්ෂලා ගිහිල්ලා පොහොට්ටුවේ සාමාජිකත්වය ගත්තේ. ඒ ගොල්ලෝ හිතුවේ නැහැ ආපසු පාර්ලිමේන්තුව කැදවයි කියලා. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව කැදෙව්වා. දැන් යකෝ මුං පොහොට්ටුවට ගිහිල්ලා ඉවරයි. මේ ගොල්ලෝ සද්ද නොකර හිටියා. අපිත් සද්ද නොකර හිටියා මාසය යනකම්. අද ඒ මන්ත්‍රිවරු හැමෝගෙම මන්ත්‍රිධූරයේ ඉරණම තියෙන්නේ ඉදිරියට එන තේරීම් කාරක සභාව හමුවේ. ඒ සියළු දේවල් ඔප්පු කරනකොට ඒ ගොල්ලන්ගේ මන්ත්‍රිධූරය අහෝසි වෙනවා.” අමාත්‍යවරයා පවසා සිටියා.