අයේමත් ජනාධිපති අපේක්ෂකයා වුනොත් සිරිසේන මහත්තයා නැත්තටම නැති වෙනවා

0

එක්සත් ජාතික පක්ෂයේ සිට එලියට පැමිණි ශ්‍රි ලංකා නිදහස්පක්ෂ සමහර මන්ත්‍රිවරුන් නිදහස් පක්ෂයට විරුද්ධ ව වැඩ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. බී දිසානායක පවසනවා.

ඊයේ (17) පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.

“අපේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් හිටියා බොහෝම අමාරුවෙන් තමයි අපි එලියට ගත්තේ.ආණ්ඩුවේ ඇමතිකම් තියාගෙන ඉන්න ඕන අය ගණනාවක් හිටියා. ඉන්න බැරුව එලියට එනකොට මේ අය සටන් පාඨ 2 ගෙනාවා. එක සටන් පාඨයක් තමයි පක්ෂයෙන් යූ එන් පීයට යන අයට දඬුවම් කරනවා නම් පොහොට්ටුවට ගිය අයටත් දඬුවම් කරන්න කියන එක. ඒකෙන් කරන්න ගියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට කවුරුවත් නැති කරන්න. දෙවැනි එක තමයි එහෙනම් මහින්ද රාජපක්ෂ මැතිතුමා අපිට පොරොන්දුවක් දෙන්න ඕන ඊලඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රිපාල මැතිතුමා කියලා. ඒ මෛත්‍රිපාල ජනාධිපතිවරයා නැත්තටම නැතිකරලා දාන්න. මේකට කලබල වෙන්න දෙයක් නෑ. අපේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක ගැන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනයි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයි දිනේෂ් ගුණවර්ධන වගේ නායකයොයි වෙලාවට තින්න්දුවක් ගනීවි.”මන්ත්‍රීවරයා පවසා සිටියා.