කැට තියලයි කියන්නේ ඊලඟ ජනාධිපති අපේ කෙනෙක්….

0

ඉදිරි ජනාධිපතිවරණයේදි පත් වන ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අපේක්ෂකයා බව තමා දැඩි විශ්වාසයෙන් ප්‍රකාශ කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල් විරාජ් කාරියවසම් පවසනවා.

ඊයේ (25) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කතෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීම අවසාන වීමෙන් පසුව මාධ්‍යවේදින්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

“අද විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු ඉදිරි වර්ෂයටත් පත් කරනු ලැබුවා.ඒ අනුව රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂ නායක වශයෙනුත්, නියෝජ්‍ය නායක විදියට සජිත් ප්‍රේමදාස මැතිතුමත්, උපනායක රවි කරුණානායක වශයෙනුත් පත් කරනු ලැබුවා ගියවර. මෙවර ඒ පත් නොකරපු තනතුරු සඳහා විශේෂයෙන්ම පක්ෂයේ සභාපති විදියට කබීර් හෂීම් මැතිතුමත්, පක්ෂයේ මහලේකම් විදියට මාවත්, ජාතික සංවිධායක විදියට නවීන් දිසානායක මැතිතුමත් පත් කරනු ලැබුවා. ඊට අමතරව වෘත්තීය කටයුතු ලේකම් විදියට රංගේ බණ්ඩාර මැතිතුමත් පත් කරනු ලැබුවා. ඊට අමතරව අනෙකුත් සියලුම තනතුරුත් මේ වසරේ පත් කරනු ලැබුවා.” අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.