ජාතිවාදය අවුස්සගෙන මහින්දට නටන්න දෙන්න බෑ!

0

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව “පෙඩරල්” ලෙස හඳුන්වමින් ජාතිවාදී විරෝධයක් මතු කිරීමට නායකත්වය දී ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ බව ජාතික කලා මණ්ඩලයේ සභාපති ආචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර චෝදනා කරනවා.

පසුගිය කො කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පවසා සිටියා.

“මේ ගොල්ලෝන්ගේ වැඩේ හැම වෙලාවෙම පත්තු වෙන එක. එහෙම පත්තු කරන කෙනෙක් ඉන්නවා. ඒ තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා. එතුමාගේ වැඩේ හැම වෙලාවේම පත්තු වෙන එක. අඩුවෙන්ම පාර්ලිමේන්තු යන වැඩියෙන්ම පන්සල් යන කෙනා තමයි දැන් විපක්ෂනායක ලේබලය අරගෙන ඉන්නේ. බොරු කතා කියමින් ජාතිවාදය ඇවිස්සීම තමන්ගේ එකම මාර්ගය කරගෙන ජන බලය ලබා ගන්න හදන අය දැන් ඒ අය නැති කාරණා අරගෙන තියන කාරණාව සඟවා ගන්න එක කරන්නේ. තියන කාරණාව තමයි අපි ඇත්තටම ෆෙඩරල් ද ඒකීය ද කියන එක. දැනට තියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හරියට බලය බෙදලා නැති නිසා ඇරෙන්නට දැනටම අපි ෆෙඩරල්. මොකද දැන් තියන ව්‍යවස්ථාව අනුව පල්ලෙහා විවිධ අයට බලය බෙදලා තියෙන්නේ. ඒකේ හරියට බලය බෙදලා නැති නිසා තමයි නිකන් පරඩැල් වෙලා පෙනෙන්නේ. ඒ නිසා නටන්න දෙන්න බෑ පාර්ලිමේන්තුව ඇතුලෙත් පිටත් මේ විදියට ජාතිවාදය අවුස්සගෙන. මේ මොහොත මග හරින්න බෑ.” ඔහු මෙහිදි පවසා සිටියා.