බැංකු ජාල සහ ATM කාඩ්පත් හැක්ද? අතින් අත යන පණිවිඩය ඔබටත් ලැබුනද?

0

ශ්‍රී ලංකාවේ බැකු ජාල පද්ධතිය එලෙස හැක් වීමකට ලක්වී නොමැති බවත් මෙවැනි අසත්‍ය පුවත් ඔබට ලැබුනහොත් එය අන් අය සමග හුවමාරු කිරීමට යාමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා පරිවර්තන සමුහය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

මේ දිනවල වට්සැප් යෙදුම හරහා “සියලුම බැංකු ජාල හැක් ප්‍රහාරයකට ලක්ව ඇතැයි නමින්” සංසරණය වන පණිවිඩයක් දැකගැනීමට ඇති අතර මෙම පණිවිඩය මගින් ප්‍රකාශ වන්නේ ශ්‍රී ලංකා බැකු ජාල පද්ධතිය හැක් ප්‍රහාරයකට ලක්ව ඇති බවත් මේ නිසා ඔබගේ ATM කාඩ් පතේ තොරතුරුද හැකර්වරුන්ගේ සන්තකයේ තිබීමට හැකියාවක් ඇති නිසා බැංකු ගිණුම් තිබෙනා සියලු දෙනා බැංකු ශේෂයන් පිරික්සා ATM කාඩ් පත් අක්‍රිය කරනා ලෙසයි.තවද මේ හේතුවෙන් ලංකාවේ ප්‍රධාන බැංකු ආයතන දෙකක්ම ATM මගින් ගනුදෙනු සිදුකිරීම නවතා ඇතැයිද දැක්වේ.මෙම පණිවිඩයේ මුලාශ්‍රය ලෙස ප්‍රසිද්ධ විද්‍යුත් නාලිකාවක නමක්ද සදහන්වීම මෙම පුවත සත්‍යයක් යැයි ඒත්තු ගැන්වීමට යොදාගෙන ඇති බව දක්නට ලැබේ.

ශ්‍රී ලංකාවේ බැකු ජාල පද්ධතිය එලෙස හැක් වීමකට ලක්වී නොමැති බවත් මෙවැනි අසත්‍ය පුවත් ඔබට ලැබුනහොත් එය අන් අය සමග හුවමාරු කිරීමට යාමෙන් වළකින ලෙසත් අප ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස ඉල්ලා සිටිමු.තවද මේ දිනවල මෙරටට පැමිණි විදේශිකයන් පිරිසක් හා සංවිධානාත්මක පිරිසක් විසින් ATM යන්ත්‍ර හරහා සිදුකරන මුදල් ජාවාරමක් හෙළිවී ඇති අතර ඔවුන් විසින් ATM යන්ත්‍ර ආශ්‍රිතව යම් උපකරණ සවි කර ඒවා මගින් ලබාගන්නා ගනුදෙනුකරුවන්ගේ විස්තර රැස් කර ඒ දත්ත උපයෝගී කරගනිමින් ව්‍යාජ ATM කාඩ්පත් නිපදවා මෙම ජාවාරම සිදුකරනු ඇතැයි වාර්තා වේ.මේ නිසා ATM යන්ත්‍ර මගින් ගනුදෙනු කිරීමේදී ඉතාමත් පරික්ෂාකාරී ලෙස ගනුදෙනු කරන ලෙස ගනුදෙනු කරුවන්ගෙන් ඉල්ලා සිටින අතර බැංකු ජාල පද්ධතිය කිසිදු විටෙකත් හැක්විමක් සිදුනොවී ඇතිබවත් ඒ පිලිබදව අනිසි බියක් ජනයා ඇතිකරගතයුතු නැති බව ශ්‍රී ලංකා පරිවර්තන සමුහය ලෙස වගකීමෙන් අවධාරණය කරමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්

සභාපති

ශ්‍රී ලංකා පරිවර්තන සමුහය