ළමුන් 28ක්,ඇතුළු 321 දෙනෙකුගේ අස්ථි කොටස් මන්නාරම සමූහ මිනී වලේ

0

මන්නාරම සමූහ මීනිවලේ දින 144 ක් තුළ සිදුකළ කැණීම් වලදී ළමුන් 28 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 321 දෙනෙකුගේ අස්ථි කොටස් හමුවූ බව මන්නාරම රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ සහ මන්නාරම සමූහ මිනී වලේ ප්‍රධාන විමර්ශක ෂමින්ද රාජපක්ෂ මහතා පවසයි.

අදාළ ස්ථානයේ වර්ග මීටර 143 ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පිරිදි මේවන විට කැණීම් සිදුකර තිබෙන බවත්, අද (13) වන විට වැඩ කරන දින 144 ක් තුළ සිදු කළ කැණීම් වලින් අදාළ අස්ථි කොටස් සොයා ගත් බවත් ඒ මහතා කීය.

සොයා ගත් අස්ථි කොටස් වල කාලය නිශ්චිතව නිර්ණය කිරීම සඳහා එම කොටස් ඇමරිකාවේ ෆ්ලෝරිඩාහි පිහිටි ලොව පිළිගත් විද්‍යාගාරයක් වෙත යවා තිබෙන බවත් පසුගිය මස 25 දින යොමු කළ එම අස්ථි කොටස් සම්බන්ධ වාර්තාව දින 14 ක් තුළ සාමාන්‍යයෙන් ලබා දෙන බවත් කී රාජපක්ෂ මහතා ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ එහි ඊ පිටපතක්  මෙරටට ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද අවධාරණය කළේය.

මස්කෙළිය-ගාමිණී  බණ්ඩාර ඉලංගන්තිලක-මන්නාරමේ සිට