බැසිල් කියන්නේ කොමිස්කාරයෙක්, ගෝඨාභය මිනිමරුවෙක්……. සිරිසේන පිස්සෙක්!

0

යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ රටේ ජනාධිපති වුවහොත් මේ රට ලේ විලක් බවට පත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මර්වින් සිල්වා පවසනවා.

පසුගිය දා සිය නිවසේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදි ඔහු මේ බව සඳහන් කර සිටියා.

එහිදි අදහස් දැක්වු හිටපු මන්ත්‍රිවරයා,

“ගෝඨාභය ජනාධිපති වුනොත් හැමෝටම තොන්ඩුවක් අරගෙන ඉන්න කියන්න මලගමට ලෑස්ති වෙලා. ආරක්ෂක ලේකම්කම් තියෙද්දි සුදුවෑන් ගෙනල්ලා නොසොයා නොබලා මිනිස්සු මැරුවා නම් මිනිස්සු මැරෙව්වා නම් ඔය මිනිහා මේ රටේ ජනාධිපති වුනොත් මේක ලේ විලක් වෙනවා. හමුදාවේ කෙනෙකුට දෙන්න ඕන නම් හමුදාවේ ඉන්නවා හොඳ මිනිස්සු මිනි නොමරන. ඊට වැඩිය හොඳයි නේ ජෙනරල් ෆොන්සේකා. එයානේ යුධ බිමේ හිටියේ. මෙයා හිටියේ කාමරේ නේ. එයා ආවොත් අර හිට්ලර්ලා මුසෝලනිලාගේ තැනට වැටෙයි. ඊට වැඩිය ඉන්නවා නේ ඔය පක්ෂේ හොඳ අය. අර වෙල්ගමලා ඉන්නේ, නිමල් සිරිපාල ද සිල්වා ඉන්නේ, සුසිල් ප්‍රේමජයන්ත ඉන්නේ , පරණ ශ්‍රි ලංකාකාරයෝ කොච්චර ඉන්නවද? රාජපක්ෂ පවුලට සුද්ධෝදන පවුල වෙන්න බෑ. ඒ පවුල ගැන දන්නේ මම. මමත් බෙලි අත්තේ නිසා. බැසිල් කියන්නේ කොමිස්කාරයා, ගෝඨාභය කියන්නේ මිනිමරුවා. මම CIDඑකට ගිහිල්ලා තියනවා. තාම නෑ පරීක්ෂණ. මෛත්‍රිපාල කියන්නේ පිස්සෙක්. ඊට වැඩිය හොඳයි අංගොඩින් පිස්සෙක් අල්ලගෙන ඉදිරිපත් කරනවා.”