අයියලා මල්ලිලාට ලැජ්ජා නෑ…….. ගෝඨාට නඩු දාන්න කොන්සල් ජෙනරල් කාර්යාලයේ සම්බන්ධයක් නෑ……

0

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට ඇමරිකාවේ දී නඩු දෙකක් පැවැරීමට කොන්සල් ජෙනරාල් කාර්යාලය සම්බන්ධ බවට ඔහු විසින් කටුනායක ගුවන්තොටුපලේ දී අද (12) දින සිදු ඇති ප්‍රකාශය අසත්‍යයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රකාශ කළා.

කොන්සල් ජෙනරාල් කාර්යාලයේ කිසිදු සම්බන්ධයක් නොමැති බව එහි කොන්සාල් ජෙනරාල්වරිය තමන්ට පැවැසූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියි.

කොන්සාල් ජෙනරාල්වරිය ලෙස පත් කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ සහෝදරියයි. 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙවැනි ළදබොළද ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයෙකු බවත්, ගම් සභාවක හෝ නියෝජිතවරයෙකු නොවන පුද්ගලයෙක් දේශපාලනයට පිවිසීම ගැටලුවක් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

රුපියල් බිලියන 40 ක මුදලක් වැය කරමින් ඉදි කරන ලද පාලින්ද නුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (12) පෙරවරුවේ එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

හිටපු ආරක්ෂක ලේකම්වරයා ජනාධිපති අපේක්ෂකධූරයට පත්වීම ඔවුන්ගේ  ජයග්‍රහණයට හේතුවක් වන බවත් උතුරු නැගෙනහිර ඡන්ද කිසිවක් ඔහුට නොලැබෙන බවත් අමාත්‍යවරයා මෙහිදි පෙන්වා දුන්නා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බෙලිඅත්ත දක්වා දුම්රියෙන් ගමන් කිරීම පිළිබදව ද මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටි අවස්ථාවේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ එය ලැඡඡා නැති වැඩක් බවයි.