නඩුවට උත්තර බඳින්න ගෝඨාට අප්‍රේල් 29 දක්වා කල්……. ලිපිගොනු සියල්ල ජනතාවට විවෘත වේ………..

0

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය හා මෙරට ආරක්ෂක අංශ විසින් වධහිංසාවට ලක් කල බවට චෝදනා කරන දෙමල තරුණයෙකු විසින් ඇමරිකාවේ මධ්‍යම කැලිෆෝර්නියා දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කල සිවිල් නඩු ද්විත්වයට පිළිතුරු බැදීමට  හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අප්‍රියෙල් 29 දක්වා කල් ලබා දී තිබෙනවා.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩු වලට සම්බන්ධ සියළුම ලිපිගොනු ලංකා නිවුස් ඇලර්ට් වෙත ලැබී ඇති අතර ඒවා අප පහතින් දක්වා ඇත්තෙමු.

මහජනතාවට විවෘත කල එම නඩු ගොනු වල දැක්වෙන්නේ තමන්ට එරෙහිව නඩු දෙකක් ගොනු කර ඇති බව ගෝඨාභයට අප්‍රියෙල් 7 වනදා දැනුම් දුන් බවය.

ඇමරිකානු නීතියට අනුව දැනුම් දුන් දිනට හෙවත් සිතාසි ලබාදුන් දිනට  පසු දින සිට,දින 21ක් තමන්ට එරෙහිව ඇති නඩු වලට පිළිතුරු බැදීමට විත්තියට අවස්ථාව හිමිවේ.

ඇමරිකානු විද්‍යුත් නඩු වාර්තා පද්ධතියෙන්  (www.pacer.gov)  ලබා ගත් සිතාසි වල දැක්වෙන්නේ අප්‍රියෙල් 29 ට පෙර අගතියට පත් පාර්ශ්වයේ නීතිඥ මණ්ඩලයට සහ අධිකරණයට පිළිතුරු බැදීමට ගෝඨාභය අසමත් වන්නේ නම් අගතියට පත් පාර්ශ්වය ඉල්ලා ඇති සහන ලැබෙන ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ නඩු තීන්දුවක් ලැබෙන බවය.