ඔක්තෝබර් දේශපාලන කුමන්ත්‍රණය සාමාකාමිව විසඳා ගැනීම පිළිබඳව එ.ජා මහලේකම්වරයාගේ ප්‍රසාදය

0

එක්සත් ජාතින්ගේ අනුබද්ධිත ආයතනයක් වන යුනෙස්කෝ සංවිධානය විසින් සංවිධානය කර තිබු මූල්‍ය සංවර්ධනය සමුළුව (Financing for Development Forum) සහභාගි වීමට නිව්යෝක් නුවරට ගොස් සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් හමුවී තිබෙනවා.

මෙම හමුවේදි 1978 දි මහලේකම්වරයා ලංකාවේ සිදු කළ පළමු සංචාරයේ සිට සිදු කළ සියළුම සංචාරයන් පිළිබඳව සතුටින් ආවර්ජනය කර තිබෙනවා.

එසේම ඔක්තෝබර් 26 වෙනිදා සිට ලංකාවේ හටගත් දේශපාලන අර්බුදය සාමකාමිව විසඳා ගැනිමට සමත් වීම පිළිබඳව තමා බෙහෙවින් සතුටට පත් වන බවත් මහලේකම්වරයා මෙහිදි මුදල් අමාත්‍යවරයා වෙත පවසා තිබෙනවා.

ලංකාවේ සංහිඳියාව, ප්‍රතිසන්ධානය  හා තිරසර සංවර්ධනය සම්බන්ධව ජනතාවගේ කැපවීම වෙනුවෙන් එක්සත් ජාතින්ගේ සහය නොඅඩුව ලබා දෙන බව ද මහලේකම්වරයා මෙහිදි පවසා තිබෙනවා.