රටේ අනතුරේ බුද්ධි අංශ වාර්තා අගමැතිගෙන් සඟවයි………. රට අනතුරේ දැම්මේ කවුද?

0

මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සුදානම් බවට රාජ්‍ය බුද්ධි අංශ අනාවරණය කරගත් තොරතුරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දී නැති බව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ඊයේ (21) අනාවරණය විය.

අමාත්‍ය මණ්ඩලයේදි නැගු කරුණු පිළිබඳ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අනාවරණය කළේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මෙවැනි බුද්ධි තොරතුරක් යාන්තමින් හෝ තමන්ට දැනගන්නට ලැබුණේ නම් බෙන්තොටටවත් නොගිහින් කොළඹරැදී සිටිමින් අවශ්‍ය පියවර ගන්නා බවය.

කොළඹඅරලියගහ මන්දිරයේදි පෙරේදා පැවැති විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදි ප්‍රහාරයේ තොරතුරු කලින්ම රාජ්‍ය බුද්ධි අංශය වෙත ලැබීම ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡාවිනි.

රාජ්‍ය බුද්ධි අංශය තහවුරු කළ තොරතුරු විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය විසින් ඇමති ආරක්ෂක කොට්ඨාශය, අධිකරණ ආරක්ෂක කොට්ඨාශය, විශ්‍රාමික ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආරක්ෂක කොට්ඨාශය, විශ්‍රාමික ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක කොට්ඨාශය වෙත එවීමට පියවර ගෙන තිබුණ ද කිසිදු බුද්ධි අංශ තොරතුරක් අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශය වෙත දන්වා නොතිබුනි.

බුද්ධි අංශ තොරතුරු සති දෙකකට ආසන්න කාලයකට පෙර මරාගෙන මැරෙන ප්‍රහාරයන් ගැන බුද්ධි අංශ තොරතුරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් නොකිරීම ගැන අමාත්‍යවරුන්ගේ දැඩි අවධානය යොමුවිය.

ප්‍රහාරය ඇතිවී සුළු වේලාවකින් පසුව කොළඹට පැමිණි අග්‍රාමාත්‍යවරයා අවශ්‍ය පියවර ගන්නා ලදි.

රටේ ජාතික ආරක්ෂාවට අදාළ ඉහත තොරතුරු ගැන අග්‍රාමාත්‍යවරයා දැනුවත් නොකළ අංශ හෝ  පුද්ගලයාට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලයේදි ඇමතිවරු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දී තිබේ.